කුවේට් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

කුවේට් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

කුවේට් රජයෙන් මෙරටට ලැබුණු කොවිඩ් මර්දනය අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක්  පසුගිය 16 වෙනි දින අලුයම සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාරදී තිබේ.

ඒ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීය.

ශ්‍රී ලංකා රජය කුවේට් රජයෙන් සිදු කළ ඉල්ලීම මත එම අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගය මෙරටට හිමිවී ඇත.

එම වෛද්‍ය උපකරණ තොගයේ වටිනාකම රුපියල් මිලියන 300කට අධිකය.

කුවේට් හි රෙඩ් ක්‍රසන්ට් සංවිධානය සහ මෙරට රතු කුරුස සංවිධානය මෙය සම්බන්ධීකරණය කර තිබේ.

මෙම උපකරණ තොගය ලබා දී ඇත්තේ කුවේට් ජනතාවගෙන් මෙරට ජනතාවට ලැබුණු ප්‍රදානයක් ලෙසය.

වෛද්‍ය උපකරණ තොගය අද අලුයම මෙරටට ලැබුණු අතර ශ්‍රි ලංකා රතු කුරුස සංවිධානය විසින් එම උපකරණ තොගය  සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දෙනු ලැබුවා.