මැදපෙරදිග සිට පැමිණෙන ගුවන් මගීන්ට තාවකාලික තහනමක්

මැදපෙරදිග සිට පැමිණෙන ගුවන් මගීන්ට තාවකාලික තහනමක්
ජූලි මස පළමු දින සිට බහරේනය, කටාර් රාජ්‍ය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කුවේටය හා ඕමානය යන රටවලින් පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට ගොඩබැසීම තහනම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම ගුවන් සේවාවන්ට දැනුම්දී තිබේ.
 

මෙම තීරණයට අනුව ජූලි මස පළමු වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ජූලි මස 13 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය තුළ අදාළ තහනම ක්‍රියාත්මක වන අතර එම රටවලින් කිසිඳු පුද්ගලයෙකුට දිවයිනට ඇතුළු වීමට අවසර හිමි නොවෙයි.