ඉතාලියේ රැකියා අපේක්ෂාවෙන් සිටිනවා නම් මේ ගැන අවධානෙන් පසුවෙන්න

ඉතාලියේ රැකියා අපේක්ෂාවෙන් සිටිනවා නම් මේ ගැන අවධානෙන් පසුවෙන්න

ඉතාලි රැකියාවලට යවන බව පවසා වංචනිකව මුදල් රැස්කර සැඟව සිටි කාන්තාවක් හලාවත මයික්කුලම ගොඩකඹුර ප්‍රදේශයේ දෙමහල් නිවසක සැඟව සිටිය දි තරුණයන් පිරිසක් ඇය අල්ලා හලාවත පොලිසියට අද බාර දි ඇත.

ස්ථිර ලිපිනයක් හෝ නොමැති සැකකාර කාන්තාව තැනින් තැන නිවාස කුලියට ගෙන රැදි සිටිමින් මෙම මුදල් වංචාව සිදු කර ඇතැයි පොලිසිය කියයි.

ඇතැම් පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ හයක් අටක් වැනි මුදලක් ලබා ගෙන ඇති බව ද පොලිසිය කියයි. සැකකාර කාන්තාව හලාවත මයික්කුලම මාවීකුඹුර ප්‍රදේශයේ දෙමහල් නිවසක් කුලියට ගෙන රැදි සිටියන බවට ඇයගේ වංචාවට හසුවු පිරිසකට ලැබුණු තොරතුරක්මත ගම්වාසින්ගේ සහය ඇතිව ඇය අල්ලා පොලිසියට බාර දි ඇත.

තිදරු මවක වන සැකකාර කාන්තාව රැකියා නියෝජිත ආයතනයක් ලියා පදිංචි කර ඇති බව සඳහන් කර ඇතත් එවැන් රැකියා ආයතනයක් ලියාපදිංචි කර නොමැති බවත් පොලිස් පරික්ෂණ වල දි අනාවරණය වී ඇත.