ලාංකිකයෙක් පළමුවරට කැලිෆෝනියා ප්‍රාන්තයේ උපරිමාධිකරණ විනිසුරු වෙයි

ලාංකිකයෙක් පළමුවරට කැලිෆෝනියා ප්‍රාන්තයේ උපරිමාධිකරණ විනිසුරු වෙයි

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පළමු ශ්‍රී ලාංකික උපරිමාධිකරණ විනිසුරු බවට අරුණ පී රොද්‍රිගෝ පත්වී තිබේ.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හදාරා ඇති ඔහු වයස අවුරුදු 09 දී අමෙරිකාවට සංක්‍රමණය වී ඇත.

2008 වසරේ සිට කැලිෆෝනියාවේ නීතිය පුහුණුවීම් ආරම්භ කල අරුණ පී රොද්‍රිගෝ ඉහළ තනතුරු රැසක්ද හොබවා ඇත.

San Diego State විශ්ව විද්‍යාලයෙන් අපරාධ නීතිය පිළිබඳ උපාධිය ලබා ඇති ඔහු නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය සහ දර්ශනපති උපාධියද ලබා ඇත්තෙකි