කොරෝනා නිසා විදේශයේ සේවයට ගිය ලාංකිකයින් ලක්ෂයක් දිවයිනට ඇවිත්

කොරෝනා නිසා විදේශයේ සේවයට ගිය ලාංකිකයින් ලක්ෂයක් දිවයිනට ඇවිත්

කොවිඩ් වසංගතය හේතුවෙන් විදේශ ශ්‍රමිකයන්ගෙන් වර්ෂිකව ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන පහකින් අඩු වී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

විදේශ ශ්‍රමිකයන්ගෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන පහක ආදායමක් ලැබෙන අතර මේ වන විට කොවිඩ් වසංගතය හේතුවෙන් වාර්ෂික ආදායම ඩොලර් බිලියන දෙකක් දක්වා අඩු වී ඇත.

කොවිඩ් අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වූ විදේශ ශ්‍රමිකයන් ලක්ෂයක් සිටින බව ශ්‍රී ලාංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මංගල රන්දෙණිය පැවසුවේ වාර්ෂිකව විදේශ රැකියා සඳහා පුද්ගලයන් දෙලක්ෂ තිස්දහසක් විදේශ ගත වන බවයි.

නමුත් මෙම වර්ෂයේ දී තිස්දහසක් පමණ විදේශගත වී ඇති බව ඔහු පෙන්වා දෙයි. මැදපෙරදිග, යුරෝපා හා අරාබි රටවලින් විදේශ රැකියා සඳහා ඉල්ලුමක් පවතින බවද ඔහු අනාවරණය කළේය.