විදේශ රැකියා සඳහා පිටත්වූ ශ්‍රී ලාංකිකයන් සඳහා නොමිලේ හිමිකම් ලබන රක්ෂණය සඳහා ප්‍රතිලාභ

 විදේශ රැකියා සඳහා පිටත්වූ ශ්‍රී ලාංකිකයන් සඳහා නොමිලේ හිමිකම් ලබන රක්ෂණය සඳහා ප්‍රතිලාභ
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වි විදේශ රැකියා සඳහා පිටත්වූ ශ්රී ලාංකිකයන් සඳහා නොමිලේ හිමිකම් ලබන රක්ෂණය සඳහා ප්රතිලාභ අයදුම්පත සහ විස්තර ලේඛන පිටපතක් ඔබගේ හෝ ඔබ දන්නා විදේශ රැකියා කරන ශ්රී ලාංකික අයව දැනුවත් කිරීමට :
 
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රක්ෂණ හිමිකම් සදහා කාර්යාංශයේ ලියාපදිංචිය වලංගු අවස්ථා වලදී වන්දි ලබා දීම සිදු කරනු ලබයි.
 
උදා.
 
  • කාර්යාංශයේ ලියාපදිංචිය වලංගු කාලය තුළ සිදුවන අසනිප හා බරපතල රෝගී තත්වයන්,හිරිහැර සහ කරදර ,(කාර්යාංශයට ,තානාපති කාර්යාලයට ,ලිඛිතව පැමිණිල්ලක් කර තිබිය යුතුය.),ආබාධිත තත්වයන් මත එම කාලය තුළදීම ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවූවහොත් - විගමණික ශ්‍රමිකයාට,
  • එම ලියාපදිංචිය වලංගු කාලසීමාව තුළ සිදුවු මරණයකදී, - යැපෙන්නන් සඳහා

  • කාර්යාංශයේ ලියාපදිංචිය වලංගු කාලය තුළ සිදුවන අසනිප හා බරපතල රෝගී තත්වයන්,ආබාධිත තත්වයන් මත එම කාලය තුළදීම ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවි මාස තුනක් (03)තුළදී ලංකාවේදී විගමණික ශ්‍රමිකයා මරණයට පත්වූවහොත්,- යැපෙන්නන් සඳහා

  • ලියාපදිංචිය වලංගු කාලසීමාව තුළදී ලංකාවේ සිටින යැපෙන්නන් අසනීප තත්ත්වය මත රෝහල් ගතව ප්‍රතිකාර සඳහා ප්‍රතිලාභ

  • යැපෙන්නෙකුගේ මරණයක් හේතුවෙන් ආපසු පැමිණීමට සිදු වුවහොත් ප්‍රතිලාභ
මෙම ප්රතිලාභ සඳහා ලියාපදිංචිය ලද අය ලංකාවට පැමිණි දින සිට මාස පහක් (05)තුළදී විගමණික සේවකයින් හෝ ලියාපදිංචිය ලද අයගේ විදේශ මරණය සිදුවු දින සිට මාස පහක් තුළදී පවුලේ අයෙකු විසින් වන්දි ඉල්ලීමක් සිදු කරන අවස්ථා වලදී පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කල යුතුය.
 
රක්ෂණ හිමිකම් සදහා ලියාපදිංචිය වලංගු කාලසීමාව අනිවාර්යයෙන්ම තිබිය යුතු අතර සියළු වැඩි විස්තර සහ තොරතුරු පිළිබඳව ශ්රී ලංකා තානාපති කාර්යාලය වෙතින් හෝ, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කලමනාකරු (සුභසාධන) වෙතින් ලබා ගැනීමට හැකියාව තිබෙන හෙයින් ඒ පිලිබදව උනන්දු වෙන ලෙස කාරුණිකව සටහන් කරමි.
 
කලමනාකරු ( සුභසාධන),
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත
කොස්වත්ත
බත්තරමුල්ල
දුරකථන අංකය +94112864117
ඊමේල් ලිපිනය Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
එසේම කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්යධස්ථානය සම්බන්ධ කර ගැනීමෙනුත් එම සියළුම කරුනු ලබා ගැනීමට අවස්ථාව තිබේ.
24 පැය විශේෂ විගමණික සම්පත් මද්යස්ථාන දුරකථන අංකයන්:
0094112879900
0094112879901
0094112879902
ෆැක්ස් අංකය :
0094112879903
ඊමේල් ලිපිනය :
Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
ස්කයිප් : inforcenter_slbfe
Facebook: විගමනික සම්පත් මද්ය ස්ථානය (https://www.facebook.com/profile.php?id=100006180400039 )

(විදේශ රැකියාවක නිරත ශ්රී ලාංකිකයින්ගේ දැනුවත් විම සදහා ඔබගේ මුහුණු-පොත් ගිනුම මගින් මෙම පනිවිඩය යොමු කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව සටහන් කරමි.)

1

11

111

1111

11111

111111

7