සංචාරක වීසා අලුත්වෙන්නේ මෙහෙමයි

සංචාරක වීසා අලුත්වෙන්නේ මෙහෙමයි
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන මාර්ගගත විද්‍යුත් සංචාරක වීසා බලපත්‍ර ලබාදීමේ පද්ධතිය (ඔන්ලයින් වීසා ක්‍රමය) යටතේ මෙරට සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින්ට එකවර දින 180ක් දක්වා වලංගු වීසා බලපත්‍රයක් ලබාදීමට පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමක දී තීරණය කර තිබේ.
 
ඒ අනුව පහත සඳහන් පරිදි වීසා ගාස්තු අය කරමින් එකී සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල එකඟතාව හිමිවී ඇත.
 
ඒ අනුව අයකිරීම් මෙසේය.
 
සාර්ක් රටවල සංචාරකයින් - අමෙරිකානු ඩොලර් 70ක්.
 
සාර්ක් නොවන රටවල සංචාරකයින් -  අමෙරිකානු ඩොලර් 85ක්.
 
සිංගප්පූරුව, මාලදිවයින, සීෂෙල්ස් යන රටවල සංචාරකයින් - අමෙරිකානු ඩොලර් 50ක්.