විදෙස්ගත ලාංකිකයින්ගේ සුබ සාධනයට කාර්යාංශයෙන් නව සැලසුම්

විදෙස්ගත ලාංකිකයින්ගේ සුබ සාධනයට කාර්යාංශයෙන් නව සැලසුම්
ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ හා පවුල්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂාව සහතික කිරීම සඳහා වූ වැඩසටහන් මෙරට ක්‍රියාත්මක කිරීමේ අවබෝධතා ගිවිසුමක්, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා හා මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල ප්‍රධානි රාවුල් ඉම්බැච් මහතා (Raoul Imbach) අතර ගිවිසුමක් අස්සන් කරනු ලැබ ඇත.
 
මෙම අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කරනු ලබන්නේ ස්විට්සර්ලන්තයේ සංවර්ධන හා සහයෝගීතා නියෝජිතායතනය හා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය වන අතර අවබෝධතා ගිවිසුමට අනුව මෙම ව්‍යාපාතිය ක්‍රියාත්මක කිරිමට ස්ව්ස් ෆෑන්ක් 4,650,000 මුදලක් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබා දිමට නියමිත බව විදේශ රැකියා අමාත්‍යංශය කියයි.  
 

විගමනික ශ්‍රමිකයන් හා පවුල්වල සාමාජික යන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම, සවිබල ගැන්විම, යහපැවැත්ම වැඩි දියුණු කර ආරක්ෂාව තහවුරු කිරිමද මෙම ව්‍යාප්තිය යටතේ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරිමට නියමිත බවත් එම ගිවිසුමට අනුව ව්‍යාපෘතිය 2024 වර්ෂයේ අගෝස්තු මස දක්වා  ක්‍රියාත්මක කිරිමට නියමිත බවත් එම අමාත්‍යංශය කියා සිටියේය.