ලාංකිකයින්ට ජපානයේ දොරගුළු විවර වෙයි

ලාංකිකයින්ට ජපානයේ දොරගුළු විවර වෙයි

කොවිඩ් අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා පැනවූ සංචාරක තහනම ඉවත් කිරීමට ජපාන රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා පැනවූ තහනම හෙට (20) දිනයේ සිට ඉවත් කරන බව ජපාන රජය නිවේදනය කර ඇත.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ අවදානම සැලකිල්ලට ගනිමින් පසුගිය ජුනි මාසයේ දී ජපාන රජය එම තහනම පනවනු ලැබීය.

කෙසේවෙතත් අදාළ රටවල සිට පැමිණෙනන්නන් ගුවන්තොටුපොළේ දී සිදුකරන කොවිඩ් පරීක්ෂණයට අමතරව දින තුනක කාලයක් අනිවාර්ය නිරෝධායනයට ලක්ව කොවිඩ් පරීක්ෂණයක් සඳහා යොමු වී ආසාදිත නොවන බවට තහවුරු විය යුතු බව ජපාන රජය නිවේදනය කර ඇත.