විදේශ අමාත්‍යංශය විසින් මහජනතාවට කොන්සියුලර් සේවා ආරම්භ කරයි

විදේශ අමාත්‍යංශය විසින් මහජනතාවට කොන්සියුලර් සේවා ආරම්භ කරයි

දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය (2 වැනි මහල, සෙලින්කෝ ගොඩනැගිල්ල) 2021 ඔක්තෝබර් 04 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි වැඩ කරන දිනවල පෙ.ව. 7.30 සිට ප.ව. 3.00 දක්වා අමාත්‍යංශ පරිශ්‍රයට පැමිණෙන පාරිභෝගිකයන් සඳහා කොන්සියුලර් සේවා සැපයීම ආරම්භ කර ඇති බව විදේශ අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක දැක්වේ.

සේවා අපේක්ෂා කරන්නන්ට හමුවීම සඳහා පහත සබැඳිය ඔස්සේ මාර්ගගතව වේලාවක් වෙන් කරගත හැකි ය: http://consular.mfa.gov.lk/ONLINEBOOKING

ඊට අමතරව පහත සඳහන් කලාපීය කොන්සියුලර් කාර්යාල ද වැඩ කරන දිනවල කාර්යාල වේලාවන්හිදී මහජනතාවට සේවය සැපයීම සඳහා විවෘත ය. ඒ ඒ පළාත්වල සහ අසල්වැසි ප්‍රදේශවල පදිංචි වී සිටින පුද්ගලයන්ට තම සේවා ලබා ගැනීම සඳහා පහත සඳහන් ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල වෙත පැමිණෙන ලෙස දිරිමත් කෙරේ.

මාතර - අනගාරික ධර්මපාල මාවත, පඹුරන, මාතර, 041-2226697
යාපනය - යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, 021-2215972
මහනුවර - මහින්ද රාජපක්ෂ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය, 081-2384410
කුරුණෑගල - පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, 037-2225931
ත්‍රිකුණාමලය - ප්‍රධාන ලේකම් කාර්යාලය, 026-2223186
වැඩිදුර තොරතුරු සඳහා කොන්සියුලර් කටයුතු අංශය සමඟ සම්බන්ධ වීමට පහත දුරකතන අංක භාවිත කරන්න:

සහතික පත්‍ර/ලේඛන සහතික කිරීම හා සත්‍යාපනය- දුරකථනය: 2338812/7711194

විද්‍යුත් ලිපිනය: Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.

විදේශවල සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ මරණ: 2338836/3136715

විදේශවල මිය ගිය ශ්‍රී ලාංකිකයන් සඳහා වන්දි ගෙවීම: 2437635/7101193

අතරමං වූ ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම: 2338837

විදේශීය ශ්‍රී ලාංකික අංශය: 2338847

විවිධ කටයුතු අංශය: 2338843

වෙනත් අංශය: 2335942