කාර්යාංශයෙන් විදෙස්ගත ඔබේ දුවා දරුවන්ට ලබාදෙන ප්‍රතිලාබ ලබා ගන්න

කාර්යාංශයෙන් විදෙස්ගත ඔබේ දුවා දරුවන්ට ලබාදෙන ප්‍රතිලාබ ලබා ගන්න
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව විදේශ රැකියාවන් හි නිරත/නිරතව සිටි ශ්රමිකයින්ගේ දු දරුවන් වෙනුවෙන් ශිෂ්යත්ව ප්රදානය කිරීම සඳහා ප්රථම වරට මාර්ග ගතව අයදුම්පත් ( Online applications ) කැඳවීමට නියමිතව තිබේ. - 2021
 
2020 වර්ෂයේ 5 වසර ශිෂ්යත්ව විභාගයේ දිස්ත්රික් කඩඉම් ලකුණු ලබා සමත් දරුවන් සඳහා - රුපියල් 20,000/=
 
දරුවාගේ මව හෝ පියා 2015.10.14 දින සිට 2020.10.14 දින දක්වා අතර කාලය තුළදී කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ සේවා නියුක්තියේ නියුතුව තිබිය යුතුයි.
 
2019 වර්ෂයේ අ.පො.ස.(සා/පෙල ) සමත් දරුවන් සඳහා පමණයි - රුපියල් 25,000/=
 
දරුවාගේ මව හෝ පියා 2014.12.02 දින සිට 2019.12.02 දින දක්වා අතර කාලය තුළදී කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ සේවා නියුක්තියේ නියුතුව තිබිය යුතුය.
 
දරුවන්,අ.පො.ස.(ස.පෙල ) විභාගය අවම වශයෙන් ගණිතය ඇතුළුව විෂයයන් 6 කින් සමත්ව ඉන් විෂයයන් 3ක් සඳහා සම්මාන සමාර්ථ සහිතව (උ.පෙල )හදාරමින් සිටිය යුතුය.
 
2019 වර්ෂයේ අ.පො.ස (උ/පෙළ ) සමත් දරුවන් සඳහා පමණයි - රුපියල් 35,000/=
 
අදාළ දරුවාගේ මව ,හෝ පියා 2014.08.05 දින සිට 2018.08.05 දින දක්වා අතර කාලය තුළදී කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ සේවා නියුක්තියේ නියුතුව තිබිය යුතුයි
.
දරුවා රජයේ විශ්ව විද්යාලයක (විශ්ව විද්යාලය ප්රතිපාදන කොමිෂන් සභාවේ අනුමත පුද්ගලික නොවන ,පූර්ණ කාලීන අභ්යන්තර) උපාධි පාථමාලාවක් හදාරමින් සිටිය යුතුය.
 
නුදුරු දිනයකදී ශ්රී ලංකාවේ සියළුම ජනමාධ්ය මගින් සහ සමාජ මාධ්ය විසින් මෙම මාර්ග ගත අයදුම්පත්රය සහ වැඩි විස්තර පිළිබඳව දැනුවත් කිරීමටත් නියමිතව තිබේ.
 
මාර්ග ගත අයදුම්පත සම්පූර්ණ කිරිම සමඟ ලියකියවිලි කිහිපයක්ද ඒ සමඟ ඇතුළත් කිරීමට තිබේ.
 
එමෙන්ම මෙම මාර්ග ගත අයදුම්පත සම්පූර්ණ කිරිම සහ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන ඇතුළත් කිරීම සදහා www.slbfe.lk වෙබ් අඩවියට පිවිසිය යුතුය.
 
මෙම මාර්ග ගත අයදුම්පත් සම්පූර්ණ කිරීමේදී ජංගම දුරකථන අංකයක්ද ඉදිරිපත් කළ යුතු අතර එම ජංගම දුරකථන අංකය වෙතට අයදුම්පත සම්බන්ධයෙන් කෙටි පණිවිඩ මගින් ඉදිරියේ ක්රියාවලිය පිළිබඳව සම්බන්ධතා පවත්වා ගෙන යෑමට අපේක්ෂා කරන හෙයින් නිරන්තරයෙන්ම භාවිතාවේ තිබෙන ජංගම දුරකථන අංකයක්ද ඇතුළත් කිරීමට සටහන් කර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.
 
එසේම මෙය පුර්ව දැනුවත් කිරීමක් ලෙසට සටහන් කර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
 
සියළු වැඩි විස්තර සහ තොරතුරු, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කලමනාකරු (සුභසාධන) වෙතින් ලබා ගැනීමට හැකියාව තිබෙන හෙයින් ඒ පිලිබදව උනන්දු වෙන ලෙස කාරුණිකව සටහන් කරමි
.
කලමනාකරු ( සුභසාධන),
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත
කොස්වත්ත
බත්තරමුල්ල
 
දුරකථන අංකය +94112864117
 
ඊමේල් ලිපිනය Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
 
එසේම කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්යධස්ථානය සම්බන්ධ කර ගැනීමෙනුත් එම සියළුම කරුනු ලබා ගැනීමට අවස්ථාව තිබේ.
24 පැය විශේෂ විගමණික සම්පත් මද්යස්ථාන දුරකථන අංකයන්:
 
0094112879900
0094112879901
0094112879902
 
ෆැක්ස් අංකය :
0094112879903
 
ඊමේල් ලිපිනය :
Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
 
ස්කයිප් : inforcenter_slbfe
 
Facebook: විගමනික සම්පත් මද්ය ස්ථානය (https://www.facebook.com/profile.php?id=100006180400039 )
 

(අදාල කාල සිමාවන් තුල ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය සහිතව විදේශ රැකියාවක නිරතව සිටින සහ සිටි, මේ පිලිබදව උනන්දු ශ්රී ලාංකිකයින්ගේ දැනුවත් විම සදහා ඔබගේ මුහුණු-පොත් ගිනුම මගින් මෙම පූර්ව දැනුවත් කිරීමේ පනිවිඩය යොමු කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව සටහන් කරමි.)

උපුටා ගැනීම: විගමනික සම්පත් මද්යස්ථානය