විදෙස්ගත ලාංකිකයින්ට මේ සහතික පිටපත් දැන් ඔන්ලයින් ක්‍රමයෙන්

විදෙස්ගත ලාංකිකයින්ට මේ සහතික පිටපත් දැන් ඔන්ලයින් ක්‍රමයෙන්

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් ඔන්ලයින් ඔස්සේ, ලබාගැනීමේ පහසුකම් සැලසීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සැලසුම්කර තිබේ.

රෙජිස්ටාර් ජනරාල් මද්දුම බණ්ඩාර වීරසේකර මහතා පැවසුවේ, ඒ ඒ රටවල පිහිටි මෙරට ශ්‍රි ලංකා තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාල හරහා එම කටයුතු සම්බන්ධීකරණය කරන බවයි.

ඊට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය සමග සිදු කළ සාකච්ඡා ද මේ වනවිට අවසන් කර ඇතැයි, ද රෙජිස්ටාර් ජනරාල්වරයා සඳහන් කළේ ය.