විදේශ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ට අගමැතිගෙන් සුබ ආරංචියක්!

විදේශ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ට අගමැතිගෙන් සුබ ආරංචියක්!

විදේශ රැකියා ඉලක්ක කර ගනිමින් වෘත්තිය පාඨමාලා ආරම්භ කරන ලෙස ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට අද උපදෙස් දී තිබේ.

අරලියගහ මන්දිරයේදී වෘත්තිය පුහුණු පාඨමාලා පවත්වන රාජ්‍ය ආයතන නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර අද පැවති විශේෂ සාකච්ඡාවක මෙම උපදෙස් ලබා දී ඇත.

එහිදී අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය ආයතන නියෝජිතයින් වෙත උපදෙස් දුන්නේ විදේශ රැකියා ඉලක්ක කර ගනිමින් වෘත්ති පුහුණු පාඨමාලා ආරම්භ කරන ලෙසටය. 

තරුණ, තරුණියන් වැඩි පිරිසකට විදේශ රැකියා ලබාදීම පිළිබඳව එහිදී අවධානය යොමු වී ඇති අතර පාසල් අධ්‍යාපනය හැර යන පිරිස පුහුණු ශ්‍රමිකයින් ලෙස විදෙස් රැකියාවලට යොමු කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ. 

මෙරට අනුමත කර ඇති රැකියා ඇබෑර්තු අතරින් ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, රුමේනියාව සහ දෝහාකටාර් ඇතුළු රටවල් 22ක් සඳහා ඇබැර්තු එක්ලක්ෂ අසූතුන්දහසකට ශ්‍රමිකයන් යොමු කිරීමට අවශ්‍යව ඇති බව ද මෙම සාකච්ඡාවේදී අනාවරණ වී ඇත.