පාස්පෝට් සම්බන්ධයෙන් කුවේට් ලක් තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්!

පාස්පෝට් සම්බන්ධයෙන් කුවේට් ලක් තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්!
කුවේටයේ සිටින ලාංකිකයින්ට අතිශය වැදගත්වෙන නිවේදනයක් සම්බන්ධයෙන් කුවේට් ලක් තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ. තානාපති කාර්යාලය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි...
 
පහත අංක සඳහන් අයදුම්පත්වලට අදාළ නව ගමන් බලපත්ර පමණක් තානාපති කාර්යාලය වෙත ලැබී ඇත.
 
kuwait1
 

kuwait2

 
එය ලබා ගැනීම සඳහා කාර්යාල දිනවල උදෑසන 8.30 සිට දහවල් 12.30 අතර කාලය තුළ අදාළ කහ පැහැති රිසිට්පත සහ ඔබ සතු ගමන් බලපත්රය ද රැගෙන ආ යුතුය. ඊට අමතරව තාවකාලික ගමන් බලපත්රයක් ඔබ සතුව ඇත්නම් එය ද අනිවාර්යයෙන් ම රැගෙන ආ යුතුය.
 
දරුවන්ගේ ගමන් බලපත්ර ලබා ගැනීමට පැමිණෙන මව හෝ පියා කහ පැහැති රිසිට්පත සමග තමාගේ ගමන් බලපත්රය සහ දරුවාගේ උප්පැන්න සහතිකය ද රැගෙන ආ යුතුය. එසේම දරුවෙකුට දැනටමත් වලංගු ගමන් බලපත්රය හෝ තාවකාලික ගමන් බලපත්රයක් ඇත්නම් එය ද රැගෙන ආ යුතුය.
 
ගමන් බලපත්රය නිකුත් කරනු ලබන්නේ අදාළ හිමිකරුට පමණක් බව කාරුණිකව සලකන්න.
 
ශ්රී ලංකා තානාපති කාර්යාලය-කුවේට්

01.02.2022.