ඔමික්‍රෝන් ඕමානය ගිලගනී -එරට සිටින ලාංකික ඔබ ප්‍රවේශමෙන්!

ඔමික්‍රෝන් ඕමානය ගිලගනී -එරට සිටින ලාංකික ඔබ ප්‍රවේශමෙන්!
ඔමික්‍රෝන් නව කොරෝනා ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය නිසා අදවනවිට ඕමානය තුළ අවදානම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
එරට සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තාකරන පරිදි ඕමානයෙන් වාර්තාවෙන කොරෝනා ආසාදිතයින්ගෙන් 99%ක් ඔමික්‍රෝන් ආසාදිතයින්වන බවයි.
 
එමෑන්ම දැනට ලියාපදිංචි වී ඇති ආසාදිතයින්ගෙන් 99%ක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවට රසායනාගාර පරීක්ෂණවලින්ද සනාථ වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
 
ඉදිරි කාලයේදී කොරෝනා ආසාදිතයින් තවදුරටත් ඉහළ යනු ඇති බවත් එම නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාරව පිළිපැදීමත්,ආරක්ෂාකාරීව රැඳී සිටීම වැදගත් බවත් ඒ වෙනුවෙන් සැලකිල්ලෙන් ක්‍රියාකරන ලෙසත් දෙස් විදෙස් සියළුම දෙනාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් වැලැක්වීමේ සහ ආසාදන පාලන දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.