කණකරත් සූරා කන කාගෝ ජාවාරමක තතු හෙළිවෙයි

කණකරත් සූරා කන කාගෝ ජාවාරමක තතු හෙළිවෙයි
මෙරට ආර්ථිකව සවිමත් කිරීම සඳහා විදේශ විනිමය වැඩි වශයෙන් මෙරටට ගෙනෙන ලාංකික රට විරුවන්ගේ දහඩිය මහන්සියෙන් හරිහම්භ කළ මුදල්වලින් සිය හිතවතුන්ට භාණ්ඩ එවීමේදී සිදුවන මහා පරිමාන ජාවාරමක තතු හෙළිවී තිබේ.
 
හිරු සී.අයි.ඒ. වෙත මෙම තොරතුරු වාර්තා වී තිබෙන අතර එය වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන් අයන කාගෝ සේවයක් බවයි තහවුරු වී ඇත්තේ.
 
මෙවැනිම වූ ජාවාරම් නිසා විදෙස්ගත ලාංකිකයින් අනේක විධ ගැටළු වලට මුහුණ දෙන අතර එය කලක සිටම සිදුවෙන්නම් නමුත් එය වළක්වා ගැනීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් වර්තමානය වනවිට කණකර පවා උගස් තබන ලෙස ඉල්ලන තත්ත්වයට පත්ව තිබෙන බවයි මෙම අනාවරණයේදී හෙළිව තිබෙන්නේ.
 
ඔබත් විදෙස්ගතව සිට ඔබේ පවුලේ අයට,හිතවතුන්ට භාණ්ඩ සේවා එවන අයෙක් නම් පිළිගත් හා විශ්වාසවන්ත කාගෝ සේවයක් හරහා ඒවා ලැබෙන්න සලස්සවන්න.එසේම සේවා ලබා ගැනීමේදී පරීෂාකර බලා වඩාත් විමසිල්ලෙන් එම සේවා ලබා ගන්න.