යුක්‍රේන වෙසෙන ලාංකිකයින්ට දැනුම්දිමක් -විමසිල්ලෙන් සිටින්න

යුක්‍රේන වෙසෙන ලාංකිකයින්ට දැනුම්දිමක් -විමසිල්ලෙන් සිටින්න

යුක්‍රේන වත්මන් වාතාවරණය හමුවේ විමසිලිමත්ව කටයුතු කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය යුක්‍රේනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය යුක්‍රේනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙන්නේ, අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් ද වැළකී සිටින ලෙසයි.

මේ වන විට අන්කරාහි පිහිටි තානාපති කාර්යාලය මගින් යුක්රේනයේ වෙසෙන සිසුන්ගේ සුබසාධනය තහවුරු කිරීමේ අරමුණින් ඔවුන් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශ්‍ය සඳහන් කළේ ය.

එම අමාත්‍යංශය පැවසුවේ, යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 14 දෙනාගෙන් 6 දෙනෙකු තාවකාලිකව රට හැර ගොස් ඇති අතර සෙසු සිසුන් සමග අන්කාරාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සමීප සම්බන්ධතා පවත්වමින් සිටින බවයි.