යුක්‍රේනයේ සිටින ලාංකිකයින් පෝලන්තය හරහා ගෙන්වා ගැනීමේ වෑයමක්

යුක්‍රේනයේ සිටින ලාංකිකයින් පෝලන්තය හරහා ගෙන්වා ගැනීමේ වෑයමක්

යුක්‍රේනයේ කොටු වී සිටින ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිස පෝලන්තය හරහා මෙරටට ගෙන්වා ගැනීමට සාකච්ඡා කළ බව, අන්කාරාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් තුර්කි, ජෝර්ජියා සහ යුක්‍රේනයේ ශ්‍රී ලංකා තානාපති එම්.ආර් හසන් මහතා පැවසුවේ, දේශ සීමා බලධාරීන්ට එම ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි.

මේ අතර, යුක්‍රේනයේ පවතින අර්බුදකාරි වාතාවරණය හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය තොරතුරු දැනගැනීම සදහා විශේෂ දුරකතන අංක 2 ක් ක්‍රියාත්මකයි.



වැඩබිම තවත් පුවත් කියවන්න...



විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අන්කාරාහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බවයි.

ඒ අනුව, +90 534 456 94 98 හෝ +90 312 427 10 32 යන දුරකතන අංක ඔස්සේ තානාපති කාර්යාලය තොරතුරු දැනගැනීමටත්, තොරතුරු දැනුම් දීමටත් හැකි වේ.

යුක්‍රේනයේ පවතින තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් එහි රැඳී සිටින අනෙකුත් ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව මෙරටට එවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සුදුසු පියවර ගන්නැයි අන්කාරාහා පිහිටි තානාපති කාර්යාලයට දැනුම් දී ඇතැයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ය.