මහබැංකු අධිපති‌ගෙන් විදෙස්ගත ලාංකිකයින්ට ඉල්ලීමක්

මහබැංකු අධිපති‌ගෙන් විදෙස්ගත ලාංකිකයින්ට ඉල්ලීමක්
මුදල් එවීමේදී මෙරට බැංකු පද්ධතිය භාවිත කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා  විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන්  විශේෂ ඉල්ලීමක් කර තිබේ.
 
කළු කඩ වෙළෙඳාම හරහා  අවිධිමත් ආකාරයට මුදල් එවීමෙන් වළකින්නැයි ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
 
පවතින බැරෑරුම් අවස්ථාවේදී  ශ්‍රී ලංකාවට  විවිධ ආකාරයෙන් උදව් කිරීමට විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක්  ඉදිරිපත්ව සිටින බව පැවසූ  මහ බැංකු අධිපතිවරයා එම සියලු දෙනාට  ස්තූතිය පුද කරන බවද  පැවසුවේය.