එතෙර ගිය ලාංකික තරුණියට දිවි අහිමිවෙයි

එතෙර ගිය ලාංකික තරුණියට දිවි අහිමිවෙයි
මෙරට මාතලේ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරි කේ.එම්.දුලක්ෂි දිලෘක්ෂි අමරසේකර නැමති ලාංකික තරුණිය ප්‍රංශයේදී මියගොස් ඇති බවට වාර්තා වේ.
 
image 06c1a4b412
 
මියගිය තරුණිය අධ්‍යාපන කටයුතු සඳහා නැගෙනහිර යුරෝපයේ ලැට්වියා නගරයේ සරසවියකින් අධ්‍යාපනය නිමකර පසුව ප්‍රංශයට සංක්‍රමණයවී වසර දෙකක පමණ කාලයක සිට ප්‍රංශයේ පැරිස් නුවර මොන්ත්‍රොයිල් නගරයේ ජීවත්වී තිබේ.
 
කැරපොත්තන් වඳ කිරීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයක් පානය කිරීම හේතුවෙන් මෙම තරුණිය මරණයට පත්ව තිබෙන අතර දින හතරක් ප්‍රංශයේ රෝහලක දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබමින් සිටින විටදී අවාසනාවන්ත ලෙස ජීවිතය හැර ගොස් ඇත.
 
මේ සම්බන්ධයෙන් විශ්වානවන්ත ආරංචි මාර්ග ප්‍රකාශකරන තොරතුරු වලට අනුව මෙම තරුණිය දැඩි මානසික පීඩනයකින් සිට ඇති අතර ඒ හේතුවෙන් මෙලෙස සියදිවි නසාගෙන තිබිය හැකි බව පෙන්වා දී ඇත.
 

මේවනවිට තරුණියගේ මෘත ශරීරය පොලිස් මෘත ශරීරාගාරයේ තැම්පත්කොට ඇථි බවත් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන්වූ පසු දේහය මෙරටට එවීම සඳහා සූදානමින් සිටින බවත් සඳහන්.