ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණු රැකියා නිමකර පැමිණි අයට මූල්‍ය ප්‍රදානයක්

ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණු රැකියා නිමකර පැමිණි අයට මූල්‍ය ප්‍රදානයක්

ජපානයේ අන්තර්කාලීන තාක්ෂණික සේවාස්ථ රැකියා සඳහා පිටත්ව ගොස් වසර 3ට පසුව යළි මව්බිමට පැමිණි ශ්‍රමිකයින්ට දිරි දීමනා ලෙස එක් අයෙකුට ජපන් යෙන් ලක්ෂ 6ක් හෙවත් රුපියල් ලක්ෂ 10ට වැඩි මුදලක් ලබාදීම 2022.04.19 දින ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකෙරිණි.

මෙහිදී තරුණ තරුණියන් 15 දෙනෙකුට රුපියල් මිලියන 16.4ක් වටිනා චෙක්පත් ලබාදෙන ලදී.

ජපානයේ සේවාස්ථ පුහුණු රැකියාවේ නිරතව සිටින කාලය තුළ මාසිකව අදාළ මුදල් සේවකයාගේ නමින් තැන්පත් කිරීම සිදුකෙරෙන අතර, වසර 3ට පසු ඔවුන් යළි මව් රටට ගිය පසු එම මුදල් ලබාදීම සිදුකෙරේ.

ජපානයේ තාක්ෂණික සේවාස්ථ වැඩසටහන ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM ජපන් ආයතනය ක්‍රියාත්මක කරයි. චෙක්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, IM ජපන් ආයතනයේ ශ්‍රි ලංකා කළමනාකරු එච්.කවහාරා, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක යන මහත්වරුන්ද එක්වී සිටියහ.