ශ‍්‍රී ලන්කන් සේවකයින් ස්වේච්ඡාවෙන් පැන්ෂන් යවයි

ශ‍්‍රී ලන්කන් සේවකයින් ස්වේච්ඡාවෙන් පැන්ෂන් යවයි
ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ‍්‍රාම ගැනීමේ ක‍්‍රමයක් යෝජනා කරන ලෙස එහි පාලනාධිකාරියට විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල මහතා විසින් දැනුම් දී තිබේ.
 
එහිදී කිසිදු සේවකයෙකු බලෙන් විශ‍්‍රාම ගැන්වීමක් සිදු නොකරන බවත්, ස්වේච්ඡාවෙන් විශ‍්‍රාම ගන්නා අයට ඉහළ වන්දි මුදලක් ලබාදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත. 
 
ගුවන් සේවය ප‍්‍රතිව්‍යුහගත කිරීම මේ වසර තුළ කළ යුතුව ඇති බවත්, එසේ නොවුණහොත් එහි ඇති බිලියන 315 ණය කන්දරාව රටේ ජනතාවට තවදුරටත් බරක් වනු ඇතැයි ද, අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.