විදෙස් ගෘහ සේවයට යන කාන්තාවන්ගේ වයස් සීමාව අඩුකරයි

විදෙස් ගෘහ සේවයට යන කාන්තාවන්ගේ වයස් සීමාව අඩුකරයි

ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියා සඳහා  යොමුවන කාන්තාවන්ගේ වයස් සීමාවන් සංශෝධනය කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව විදෙස්ගත වන ලාංකික කාන්තාවන්ගේ අවම වයස අවුරුදු 21 ක් ලෙස සංශෝධනය කර ඇති අතර, සෞදි අරාබිය සඳහා අවම වයස් සීමාව අවු. 25 වන අතර, අනෙකුත් මැදපෙරදිග රටවල් සඳහා අවම වයස් සීමාව අවු. 23ක් හා වෙනත් රටවල් සඳහා අවු. 21ක් ලෙසද සංශෝධනය කර ඇත.