විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා අද සිට සතියේදින පහේම

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා අද සිට සතියේදින පහේම

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා අද සිට සතියේදින පහේම සාමාන්‍ය පරිදි විවෘත කිරිමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය තීරණය කර තිබේ.

ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින 05ම එම අංශය විවෘතව තබන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

කොන්සියුලර් සේවාවන් සඳහා පවතින විශාල ඉල්ලුම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

එමෙන්ම යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාල ද සතියේ දින 05 තුළම විවෘතව පවතින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.