විශේෂිත නිපුණතා සහිත ශ්‍රමිකයින් බඳවාගැනීමේ විභාගය කල් දමයි

විශේෂිත නිපුණතා සහිත ශ්‍රමිකයින් බඳවාගැනීමේ විභාගය කල් දමයි

රටෙහි පවතින වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2022.07.15, 17 සහ 19 දිනයන් හි පැවැත්වීමට නියමිතව තිබූ පහත සඳහන් විභාග අවලංගු කර ඇති බව ජපානයේ ආගමන සේවා එජන්සි ආයතනය දන්වා සිටියි.

  • ජපන් භාෂාව පිළිබඳ මූලික විභාගය (JFT Basic)
  • සාත්තු සේවා නිපුණතා විභාගය
  • ආහාර සැකසුම් නිපුණතා විභාගය

තවද, රටෙහි පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී පැවැත්වෙන ඉහත විභාග දිනයන්  සංශෝධනය හෝ අවලංගු කිරීමට සිදුවිය හැකි බවද ජපානයේ ආගමන සේවා එජන්සි ආයතනය දන්වා ඇත.