ජපානයේ අන්තර් කාලීන පුහුණුව අවසන් කර පැමිණි පුහුණුලාභීන් හට දිරි දීමනා

ජපානයේ අන්තර් කාලීන පුහුණුව අවසන් කර පැමිණි පුහුණුලාභීන් හට දිරි දීමනා

ජපානයේ අන්තර් කාලීන පුහුණුව අවසන් කර පැමිණි පුහුණුලාභීන් හට දිරි දීමනා චෙක්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනුෂ නානායක්කාර මහතාගේ අතින් (2022.08.12) දින  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දි සිදුකරන ලදි. වසර 03ක කාලයක් තුල ජපන් රැකියාව සාර්ථකව අවසන් කර මෙරටට පැමිණි 08 දෙනෙකුට මෙලෙස දිරි දිමනා ප්‍රධානය කළේය.

 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ IM Japan වැඩසටහන මගින් ජපානය වෙත යවන ලද පුහුණුලාභීන් හට අවුරුදු 03 තාක්ෂණික පුහුණු රැකියාව සාර්ථක ලෙස සම්පූර් ණ කර මෙරටට පැමිණීමේදී ඔවුන්ට දිරි දීමනා ලෙස එක් අයෙකුට ජපන් යෙන් ලක්ෂ 06 ක මුදලක් හිමිවේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 16 කට ආසන්න වේ. සමස්ත වටිනාකම රු. මිලියන 12.6 කට ආසන්න වේ.

2022 වසරේ මේ දක්වා පුහුණුලාභීන් 32 දෙනෙකුට සඳහා රු.මිලියන  39.8ක දිරී දිමනා ලබාදී තිබේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ, සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී සේනානායක යන මහත්වරැන් එක්වී සිටියේය.