විදෙස්ගමන් බලපත්‍ර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙන අයට මේ ආරංචිය සුබයි

විදෙස්ගමන් බලපත්‍ර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙන අයට මේ ආරංචිය සුබයි
විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ට කඩිනමින් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී විශේෂ කවුන්ටරයක් විවෘතකිරීමට ක්‍රියාමාර්ග ගෙන තිබේ. 
 
ආගමන විගමන  දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සමග පසුගිය බදාදා දිනයේදී පැවති සාකච්ඡාවකදී විදේශ ගත වන ශ්‍රමිකයින් සදහාම වෙන්වූ මෙම කවුන්ටරය විවෘත කිරීමට තීරණය කල අතර එම තීරණය ක්‍රියාත්මක කරමින් පසුගිය 23 වෙනි දින නියමු ව්‍යාපෘතියක් ලෙස කවුන්ටරය විවෘත වූ අතර එහි සාර්ථකත්වය මත එය සියලුම විදේශ ගත වන ශ්‍රමිකයින් සදහා විවෘත කරනු ලැබුවා.
 
විදේශ රැකියාවක් සදහා පිටත්ව යාමට අවශ්‍ය මූලික පියවර ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කරනු ලබන ලිපියක් සහිතව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පිහිටි මෙම කවුළුව වෙතට පැමිණිමෙන් කඩිනමින් සිය විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීමේ අවස්ථාව මෙමඟින් හිමිවෙයි.
විදේශ ගත ශ්‍රමිකයින් සදහා වැඩි පහසුකම් ලබාදෙමින් ලබන මස පළමුවැනිදා සිට කටුනායක ගුවන්තොටුපොලේදී, විදේශ ගත වන සහ විදේශ ගතවී නැවත මෙරටට පැමිණෙන ශ්‍රමිකයින් සදහා වන විශේෂ පිවිසුම් දොරටුවක් විවෘත කිරීමටද අපි කටයුතු කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.