ඕස්ට්‍රෙලියාවේ පුහුණු ශ්‍රමිකයින් හිඟයක්

ඕස්ට්‍රෙලියාවේ පුහුණු ශ්‍රමිකයින් හිඟයක්
ඕස්ට්‍රේලියාවේ රැකියා අවස්ථා සහ ව්‍යාපාර සඳහා ශ්‍රමිකයින්ගේ හිඟයක් පවතින බව එරට බලධාරීන් විසින් පෙන්වා දී ඇත.
 
නමුත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර සහ තාවකාලික පදනම මත රැකියා සඳහා විදේශීය ශ්‍රමිකයින් යොමුකර ඇති වීසා අයැදුම්පත් මිලියනයක් පමණ ආගමන විගමන කාර්යාලවල සිරව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ඔස්ට්‍රේලියානු බලධාරීන් පෙන්වා දෙන්නේ, ආගමන විගමන කාර්යාල සහ විදේශීය ශ්‍රමිකයින් සම්බන්ධ කටයුතු සිදු කෙරෙන කාර්යාලවල සම්පත් හිඟය, මීට හේතුව බවයි.
 
වසර දෙකක් පමණ පැවති දැඩි දේශසීමා පාලනයන්, රට තුළ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් රට හැර යාම වැනි කරුණු ද ඔස්ට්‍රේලියාව තුළ මෙලෙස ශ්‍රමිකයින් හිඟ වීමට හේතුවී ඇතැයි සඳහන් ය.
 
කොරෝනා ව්‍යාප්තිය හමුවේ රැකියා කප්පාදු කළ ආයතන සඳහා ශ්‍රමිකයින්ගේ හිඟය ප්‍රබල ලෙස බලපා ඇති බවත්, ආර්ථිකය නගා සිටුවීමට කුසලතා පූර්ණ, පුහුණු, දෙස් විදෙස් ශ්‍රමිකයින් අවශ්‍ය බවත් ඔස්ට්‍රේලියානු බලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.