විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්!

විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්!

පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතර කිරීමට සිදු වූ බව විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ (16) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

පරිගණක පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු සහතික නිකුත් කිරීම නතර කිරීමට පියවර ගෙන ඇති බව එම නිවේදනයේ දැක්වේ.

පරිගණක පද්ධතිය අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවත් එය යථා තත්ත්වයට පත් කළ පසු නැවත දැනුම් දෙන බවත් එම නිවේදනයේ සඳහන් වේ.කෙසේ වෙතත් අනිකුත් කන්සියුලර් සේවාවන් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව එම නිවේදනයේ දැක්වේ.