සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා විදේශ ගතකරන වංචනිකයින්ගෙන් ප්‍රවේසම්වන්න

සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා විදේශ ගතකරන වංචනිකයින්ගෙන් ප්‍රවේසම්වන්න

මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයින් රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් ලබාගන්නා බවට හා සංචාරක වීසා මගින් පුද්ගලයින් මැලේසියාවේ රැකියා සඳහා විදේශ ගතකරන බවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත තොරතුරු වාර්තා වී තිබේ.

කිසිඳු අවස්ථාවක සංචාරක වීසා මගින් රැකියා සඳහා මැලේසියාවට නොයන ලෙසත්, එරට නීතිය අනුව සංචාරක වීසාපත් මගින් මැලේසියාවට ඇතුළු වූ පසු කිසිසේත් රැකියා වීසාපත්වලට මාරු කරගත නොහැකි බවත් කාර්යාංශය අවධාරණය කර සිටියි. 

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මැලේසියානු රජයෙන් සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වූ මැලේසියානු රජය, ශ්‍රී ලාංකිකයින් 10,000ක් සඳහා මැලේසියාවේ රැකියා අවස්ථා ලබාදීමට එකග වී ඇත.

මීට අදාල අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම සඳහා මැලේසියාවේ මානව සම්පත් අමාත්‍ය Datuk Seri M Saravanan මහතා හා මැලේසියානු කම්කරු කටයුතු අධ්‍යක්ෂක ජනරාල් ඇතුළු විශේෂ රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිසක් මෙම මසදී ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත අතර, රැකියා වැඩසටහන ක්‍රියාත්මක වන්නේ එම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව වේ.

මීට අදාළ ගිවිසුම් අත්සන් තැබීමෙන් පසු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය සහිතව මෙම 10000ක පිරිස විදේශ ගතකිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී නිළ වශයෙන් දැනුම්දීමට කටයුතු කරන බවත් කාර්යාංශය දන්වා සිටියි. කිසිම අවස්ථාවක සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා විදේශ ගත නොවන ලෙසත් මෙවැනි වංචාකරුවන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට දන්වන ලෙසත් කාර්යාංශය වැඩිදුරටත් දන්වා සිටියි. 

විශේෂ විමර්ශන අංශය- දුරකථන අංකය    0112864241

ෆැක්ස් අංකය        0112864118

ඊමේල් ලිපිනය    Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.