මාලේ ගින්නෙන් ශ්‍රී ලාංකිකයෙකුට ජීවිත හානි වූ බවට තාමත් වාර්තා නෑ

මාලේ ගින්නෙන් ශ්‍රී ලාංකිකයෙකුට ජීවිත හානි වූ බවට තාමත් වාර්තා නෑ
මාලදිවයිනේ මාලේ නුවර විදෙස්ගත ශ්‍රමිකයින් පිරිසක් රැඳී සිටි වාසස්ථානයක හටගත් ගින්නෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට ජීවිත හානියක් සිදුවී ඇතැයි වාර්තාවී නොමැති බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
 
ශ්‍රී ලාංකිකයින්, ඉන්දියානුවන් සහ බංග්ලාදේශ ජාතික ශ්‍රමිකයින් පිරිසක් මෙම ස්ථානයේ රැඳි සිටි බවට වාර්තා වූ අතර ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු පමණ මියගොස් තිබූ අතර පුද්ගලයින් 09 දෙනෙකු පමණ අතුරුදන් වී තිබේ.
 
එහි රැඳි සිටි පුද්ගලයින් 28 දෙනෙකු ඉවත්කර ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට හැකිවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා උපුටා දක්වයි.
 

කෙසේ වෙතත් මියගිය පුද්ගලයින් අතර ඉන්දීය ජාතිකයින් 08 දෙනෙක්, බංග්ලාදේශ ජාතිකයෙකු සහ අනන්‍යතාව තවමත් තහවුරු නොවූ පුද්ගල මළසිරුරු දෙකක් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.