ඉන්දියාවට යන්න විද්‍යුත් වීසා නැවතත් ආරම්භ කෙරේ

ඉන්දියාවට යන්න විද්‍යුත් වීසා නැවතත් ආරම්භ කෙරේ

ඉන්දියාව ශ්‍රී ලාංකිකයින්ට නැවතත් විද්‍යුත් වීසා (e-visa) බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලාංකිකයන් හට සංචාර, ව්‍යාපාරික කටයුතු, සම්මන්ත්‍රණ, සමුළු ඇතුළු තවත් කටයුතු සඳහා ඉන්දියාවට  ගමන් කිරීමට අපේක්ෂා කරන්නන්ට විද්‍යුත් වීසා (e-visa) ඉල්ලුම් කළ හැක.