ඕමාන් ඛේදවාචකයේ ප්‍රධාන සැකකරුට ඇප

ඕමාන් ඛේදවාචකයේ ප්‍රධාන සැකකරුට ඇප
සංචාරක වීසා මත ඕමානයට යැවු ශ්‍රී ලාංකික කාන්තාවන් ලිංගික සහ වෙනත් කටයුතු සඳහා යෙදවූ බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 3 වන ලේකම් ඊ. කුෂාන් නැමැත්තාට ඇප ලබා දී තිබේ.
 
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ හමුවට අද (13) මොහු ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10යක ශරීර ඇප දෙකක් මත මෙලෙස මුදාහැර ඇති බව අප වාර්තාකරු පවසයි.
 

එහෙත් ඊ.. කුෂාන් නමැත්තාට විදෙස්ගතවීම තහනම් කර ඇති අතර, ඇප ලබා ගැනීමෙන් අනතුරුව සෑම ඉරිදා දිනකම පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.