පෝලන්තයේ හා තුර්කකි යේ රැකියා පෙන්නූ අඹු සැමි යුවළ රිමාන්ඩ්

පෝලන්තයේ හා තුර්කකි යේ රැකියා පෙන්නූ අඹු සැමි යුවළ රිමාන්ඩ්

අධ්‍යාපන කටයුතු සඳහා තරුණ තරුණියන් විදේශ ගතකරන මුවාවෙන් පෝලන්තයේ හා තුර්කියේ රැකියා ලබාදෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචාකළ ආයතනයක් වැටලීම් කර එය පවත්වාගෙන ගිය අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරින් කටයුතු කර ඇත.

Mara Study Abroad (මාරා ස්ටඩි අබ්‍රෝඩ්) යන නමින් තිඹිරිගස්යාය ප්‍රදේශයේ මෙම ව්‍යාජ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගොස් ඇති අතර, පෝලන්තයේ හා තුර්කියේ රැකියා ලබාදෙන බව පවසා එක් පුද්ගලයෙකුගෙන් රු. 555,000.00 (රුපියල් පන් ලන්ෂ පනස් පන් දහස) බැගින් මුදල් ලබාගෙන ඇත.

මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි 11ක් ලැබී ඇති අතර, ඒ අනුව විමර්ශන නිළධාරීන් මෙම වැටලීම මෙහෙයවා තිබේ. වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ තිබී, විදේශ ගමන් බලපත්‍ර 11ක්, රිසිට් පොත් 4ක්, ප්‍රචාරක අත්පත්‍රිකා 50ක් ඇතුළු ලිපි ලේඛන රැසක් විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර අඹු සැමි යුවළ 2022.12.28 වන දින අළුත් කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2023 ජනවාරි මස 5 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

මෙම වැටලීම සඳහා විමර්ශන නිළධාරීන් වන සරත් විමලවීර, රවීන්ද්‍ර අබේපාල, මධුශාන් විජේවර්ධන, වසන්ත ඒකනායක, ඉරේෂා ජානකී හා කේ.එන්.එල්. දමයන්ති යන නිළධාරීන් එක්විය.