මිනිස් ජාවාරාමට එරෙහි ක්‍රියාමාර්ග සඳහා ඉතාලියෙන් ලංකාවට සහය

මිනිස් ජාවාරාමට එරෙහි ක්‍රියාමාර්ග සඳහා ඉතාලියෙන් ලංකාවට සහය

මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහාය දක්වන බව ඉතාලි රජය විසින් නිවේදනය කර තිබේ. ඒ සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් යානා සපයා දීමටත් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති රීටා ජී. මැනෙලා කැමැත්ත පළ කළාය.

ඉතාලි තානාපතිනිය මේ බව සඳහන් කළේ ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ දීය.

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

දෙරට අතර සංස්කෘතික වැඩසටහන් හුවමාරුව, සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම, ආයෝජන අවස්ථා ඉහළ නැංවීම මෙන්ම මෙම අසීරු අවස්ථාවේ ඉතාලියෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහාය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමුවී තිබේ.