එක්දින සේවයෙන් පාස්පෝට් හදන්න ඉන්නවානම් මේ ගැන දැනගන්න

එක්දින සේවයෙන් පාස්පෝට් හදන්න ඉන්නවානම් මේ ගැන දැනගන්න
විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු  අත්අඩංගුවට පත්ව තිබේ.
 
එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා ජාතික හැඳුනුම්පත් හා ලිපිද්‍රව්‍ය ලබාගෙන මොවුන් විසින් මුදල් වංචාව සිදුකර ඇති බවත්, මේ පිළිබඳව තලංගම පොලීසියට ලද පැමිණිලි 3ක් මත විමර්ශන ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.
 
මෙලෙස  ඊයේ (31) තලංගම පොලිස් ස්ථානය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සන්තකයේ තිබී පැමිණිකරුවන් දෙදෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් ද සොයා ගෙන තිබේ.
 
එක් පැමිණිල්ලකට අදාළ සැකකරුවෙකු බොරලැස්ගමුව පොලිස් ස්ථානය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු සන්තකයේ තිබී ජාතික හැඳුනුම්පතක්, රු 15,000ක් සහ විදේශ ගමන් බලපත්‍ර සකස් කරන ලද ව්‍යාජ ටෝකන් පත් 9ක් සොයා ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 47 හා 65 යන වයස්වල මාලඹේ සහ කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
 
මෙම සැකකරුවන් අද (01) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.