තුර් කි භූ කම්පනයෙන් ලාංකිකයින්ට හානියක් නැහැ

තුර් කි භූ කම්පනයෙන් ලාංකිකයින්ට හානියක් නැහැ

තුර්කියේ සිදුවූ භූ කම්පනයෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් සිදුව ඇති බවට මේ දක්වා වාර්තාවී නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් පසුවන බවයි ඔහු කියා සිටියේ.

දකුණු තුර්කියේ ගැසින්ටෙප් ප්‍රදේශය ආසන්නයේ රික්ටර් මාපකයේ 7.8 ක භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම මරණ තුර්කියෙන් සහ සිරියාවෙන් වාර්තාවන බවයි.

අද අලුයම සිදුවූ මෙම කම්පනය සයිප්‍රස්, ග්‍රීසිය, ජෝර්දානය, ලෙබනනය, සිරියාව ඇතුලු රටවල් රැසකට දැනී තිබුණා.

භූ කම්පනයත් සමඟ ගොඩනැගිලි කඩාවැටීමෙන් සිරියානු දේශසීමාවේ දී පුද්ගලයින් 42දෙනෙකු මියගොස් ඇති බව එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කළා.

එමෙන්ම තුර්කියේ මලත්‍යා නගරයේ මරණ 23ක් සන්ලියුර්ෆා නගරයෙන් මරණ 17ක්, ඩයර්බකීර් ප්‍රදේශයෙන් මරණ 6ක් සහ ඔස්මානියේ ප්‍රදේශයෙන් මරණ 5ක් වාර්තා වී තිබෙනවා.

(aruna)