විදෙස් රැකියා වෙනුවෙන් අගමැතිගෙන් ඉතාලි තානාපතිනියට යෝජනාවක්

විදෙස් රැකියා වෙනුවෙන් අගමැතිගෙන් ඉතාලි තානාපතිනියට යෝජනාවක්
මෙරට විශ්වවිද්‍යාලවල ඉතාලි භාෂා දෙපාර්තමේන්තු පිහිටුවීමට සහය වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිවරිය වන රීටා ජූලියානා මැන්නෙල්ලා ගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරයා විසින් මෙම ඉල්ලීම කර ඇති බව සඳහන්ය.
 
ඉතාලි භාෂා මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් දැනටමත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ සාකච්ඡා කරමින් සිටින බව මෙහිදී තානාපතිවරිය කියා සිටියාය.
 

එසේම හෝටල් ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා තරුණයන් පුහුණු කිරීමට කුසලතා සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා මෙන්ම ඉතාලියේ හෝටල් ක්‍ෂේත්‍රයේ පවතින රැකියා අවස්ථා පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.