ලාංකිකයෙකුගේ යැයි සැකකරන මල සිරුරක් ඕස්ට්‍රේලියා වෙරළේ

ලාංකිකයෙකුගේ යැයි සැකකරන මල සිරුරක් ඕස්ට්‍රේලියා වෙරළේ

ඕස්ට්‍රේලියාවේ ට්‍රැන්මියර් නගරෙයේ වෙරළේ තිබී නාඳුනන මළ සිරුරක් පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත.

එරට වේලාවෙන් පස්වරු 1.40 ට පමණ ප්‍රදේශවාසියකු පොලිසියට ලබා දුන් ඇමතුමකින් ලද තොරතුරු මත පොලිසිය මෙම මළ සිරුර සොයාගෙන තිබේ.

මෙම අවස්ථාවේ මෙය සැකසහිත මරණයක් බවට විශ්වාස නොකරන බවත් මරණයට හේතුව සොයා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ සිදු කරන බවත් ඕස්ට්‍රේලියානු පොලිසිය පවසා ඇත.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 18-25 ත් අතර ශ්‍රී ලාංකිකයකු බවට විශ්වාස කරන බව පොලිසිය පෙන්වා දී තිබේ.නමුත් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්වී නොමැති අතර ඒ සඳහා මහ ජනතාවගේ උදව් ඉල්ලා ඇත.

මෙම පුද්ගලයා වෙනත් ස්ථානයකදී මුහුදට වැටී ගසා ගෙන එන්නට ඇතැයි විශ්වාස කරන බව පොලිසිය පවසා තිබේ. කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව ඕස්ට්‍රේලියානු පොලිසිය ප්‍රකාශ කර ඇත.