වර්තමානය වන විට විදේශ රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාව 2018 වසරට සාපේක්ෂව 2022 වසර වන විට කාන්තාවන් හා පුරුෂයන් යන දෙපාර්ශ්වයේම විදේශ ගතවීම් වර්ධනයවී ඇත. මෙහිදී කාන්තාවන්ගේ විදේස්ගත වීම පුරුෂයන්ට සාපේක්ෂව පහළ මට්ටමක පැවතියද සැලකිය යුතු මට්ටමකින් කාන්තාවන් විදේශගත වීමක්ද සිදුවන බව හඳුනාගත හැකිය. උදාහරණ වශයෙන්ත 2018 වසරේ කාන්තාවන් විදේශගත වීම 80,000 ක්ව පැවතිය ද 2022 වසර වන විට එය 120,000ක් ඉක්මවා තිබීමෙන් ඒ බව පැහැදිලි වේ.
මෙම ස්ත්‍රී නියෝජනය තුළ සිටින විවාහක කාන්තාවන්ගේ පවුල් පසුබිම තුළ ඇයගේ සජීවී සහභාගිත්වය නොමැතිකම මත පදනම්ව ගැටලුකාරී තත්ත්ව නිර්මාණය වී ඇත. එහිදී භූමිකාව නිසි පරිදි සැමියාගෙන් ඉටු නොවීම මත පවුල් පසුබිම තුළ විවිධාකාර ගැටුම් උද්ගත වේ. එම නිසා පවුල් සංස්ථාව තුළ මව විදේශගත වීම හේතුවෙන් පවුලට සිදුවන බලපෑම පිළිබඳ සමාජ විiාත්මක පර්යාවලෝකනයකින් අධ්‍යයනය කිරීම සඳහා මෙම පර්යේෂණය සිදු කිරීමට බලාපොරොත්තු වන්නෙමු.
පවුල් පසුබිම තුළ විවිධාකාර ගැටුම් උද්ගත වේ. එකී ගැටුම් පාලනය පිළිබඳ පර්යේෂණ මින් පෙර සිදුකර ඇති නමුත් ගැටුම් සඳහා මූලික වන හේතුව, භූමිකා ගැටුම බව තහවුරු වන පර්යේෂණ අවම වේ. එම නිසා පවුල් සංස්ථාව තුළ මව විදේශගතවීම හේතුවෙන් පවුලට සිදුවන බලපෑම පිළිබඳ සමාජ විද්‍යාත්මක පර්යාවලෝකනයකින් අධ්‍යයනය කිරීම සඳහා මෙම පර්යේෂණය සිදු කිරීමට බලාපොරොත්තු වන්නෙමු.
සංක්‍රමණය යනු ක්‍රියාවලියකි. සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය පෙන්වාදෙන ආකාරයට සංක්‍රමණයක් යනු තාවකාලික හෝ ස්ථිරව විවිධ හේතූන් මත රටක් තුළ හෝ ජාත්‍යන්තර දේශසීමා තුළින් පුද්ගලයන් හෝ පුද්ගලයකුගේ සුපුරුදු පදිංචියෙන් ඉවත්වීමයි. මෙහිදී මේ සඳහා විවිධ හේතු සාධක බලපාන අතර ඒවා තල්ලු කිරීමේ සාධක හා ඇදගැනීමේ සාධක ලෙස වර්ගීකරණය කළ හැක.
ලාංකේය කාන්තාවන් විදේශගතවීම සඳහා බලපාන ප්‍රමුඛ පෙළේ තල්ලු කිරීමේ සාධකයක් ලෙස ඉතා වැදගත් වූයේ මැදපෙරදිගට ගිය කාන්තාවන් විසින් එවන ලද විදේශ මුදල්ය. ඒ මුදලින් යැපෙන්නට බොහෝදෙනෙක් බලා සිටියහ. ඉඩමක් කඩමක් ගන්නට, ගෙයක් දොරක් හදාගන්නට, ව්‍යාපාරයක් පටන් ගන්නට තබා කුසපුරා බත් වේලක් කන්නට නොහැකි තත්ත්වයක පසුවූ බොහෝ පවුල්වලට තම ගැහැනු උදවිය මැදපෙරදිග හැරීම මිස වෙන පිටුවහලක් තිබුණේ නැත. මේ අනුව මෙකී කරුණු මත පදනම්ව සංක්‍රමණ සඳහා පෙළඹී ඇති බව හඳුනාගත හැකිය. මෙහිදී කාන්තාව ජීවිකාව සවිකර ගැනීම සඳහා විවිධ දුෂ්කරතා හා අභියෝගයන්ට මුහුණපා ඇත. වැඩිහිටි දිළිඳු ගැහැනු ධනවත් නිවෙස්වල මෙහෙකාරකම් කළහ. අවිවාහක ස්ත්‍රීහු කම්හල්වල රැකියා කළහ. විවාහක ස්ත්‍රීහු විදේශගත වූහ. ගෘහ සේවිකාවෝ සතුටුදායක වැටුපක් ලැබූහ. කුලී වැඩ කරන පිරිමින්ගේ ආදායමට වඩා ඉහළය
(මැදගෙදර 2003), තවද ශ්‍රම සංක්‍රමණය විවිධ තල්ලු කිරීමේ සාධක මත පදනම් වේ. විශේෂයෙන් ස්වාමියාගේ ආබාධිත බව හා අසනීප තත්ත්වයන්, ස්වාමියාගේ රැකියාවේ පවත්නා අවදානම් බව, සැමියාට ස්ථිර රැකියාවක් නොවීම හා ඔහුගේ රැකියාව තුළින් ලබන්නා වූ ආදායම ජීවත්වීමෙහිලා ප්‍රමාණවත් නොවීම මෙන්ම ඇයට රැකියාවක් නැතිවීම නිසාවෙන් කතුන්ගෙන් බහුතරයක් ශ්‍රම අපනයනයට පෙළඹෙති. එපමණක් නොව කාන්තාවන් ලෙස පුරුෂ පාර්ශ්වයේ පීඩාවන්ට ලක්වීම හෙවත් ගෘහිය ප්‍රචණ්ඩත්වය නිසාවෙන් ලාංකික කාන්තාවෝ ගෘහ සේවිකාවන් ලෙස විගමනය වෙති. කාන්තාවන් තමන්ගේ විවාහ ජීවිතයේ ඇති ප්‍රශ්නවලින් බේරීම සඳහා ද සංක්‍රමණය වන බව පෙනේ. බීමත්කම, පවුලේ කටයුතු පැහැර හැරීම නිසාවෙන් ගෘහය තුළ පීඩාවට ලක්වීම හා තාඩන පීඩනයන්ට ගොදුරුවීම නිසා සමහර කාන්තාවෝ ගෘහිය හිංසනයෙන් තාවකාලිකව හෝ මිදීමට වන පහසු මගක් ලෙස ශ්‍රම අපනයනය සලකති. මේ ආදී ලෙසට කාන්තාව විදේශගතවීම සඳහා බලපාන තල්ලු කිරීමේ සාධක හඳුනාගත හැකිය.
විදේශ සේවයට ගොස් සිටින ලාංකේය කාන්තාවන් බොහොමයක් වරප්‍රසාද අඩු සමාජ කණ්ඩායම්වලට අයත් දිළිඳු, නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශයන් නියෝජනය කරන අතර වැඩි දෙනකු වේතනයන් සඳහා ගෘහ සේවිකාවන් වශයෙන් සේවය කරති. එහිදී ඔවුනට මුහුණපෑමට සිදුවන ගැටලු සහගත තත්ත්වයන් පහත සාධක ඔස්සේ සාකච්ඡා කළ හැකිය.
මෙහිදී දිනකට පැය දෙක තුනකට වඩා නින්දක් නොලබන සේවිකාවන් උත්සව සමයෙහි නොනිදා සේවය කරති. මෙලෙස අවිවේකීව සේවය කිරීම ඇයගෙන් අපේක්‍ෂා කරති. යම් අවස්ථාවක විවේකීව සිටී නම් ඇයට දෝෂාරෝපණය කිරීම, පහරදීම හෝ වැටුප අඩුකරලීමට තරම් ස්වාමි පාර්ශ්වය අකාරුණික වෙති. බොහෝ අරාබි ජාතිකයන් ඇය දෙස බලනුයේ ඉතා අඩු මිලට ගෙන්වාගත හැකිවූ යන්ත්‍රයක් දෙස බලන ආකාරයෙනි. ඔවුන්ට අවශ්‍ය වනුයේ නොකඩවා ක්‍රියාකාරී වන මැෂිමක් පරිද්දෙන් ඇයගෙන් සේවය ලබා ගැනීමටය. (ඩයස් හා වීරකොන් 1995)
සංක්‍රමණික සේවිකාවන්ගේ මූලික අභිප්‍රාය වනුයේ ආර්ථිකමය වාසි ලැබීම හෙවත් තමන් වැය කරන්නා වූ ශ්‍රමයට වැටුපක් ලබාගැනීමය. ධනේශ්වර ආර්ථික ක්‍රමයක් තුළ අනෙකුත් හුවමාරු භාණ්ඩ මෙන්ම වෙළෙඳපොළෙහි විකුණනු ලැබේ. ධනපතියාට රෙදි කෑල්ලක් මිලදී ගත්තාක් මෙන් කම්කරුවාගේ ශ්‍රම ශක්තිය මිලදී ගත හැක. එම ශ්‍රම ශක්තිය සඳහා ඔහු ගෙවන මිල වැටුපය. (වික්‍රමසිංහ 1999)
මේ අනුව දිවා රෑ නොබලා ශ්‍රමය සැපයුව ද නිසිපරිදි මාසික වැටුප් නොගෙවීම, ගිවිසුම්වලට අනුව ක්‍රියාත්මක නොවීම, තමන්ට ලැබිය යුතු වැටුප් ලාංකේය තම සැමියා හෝ නෑදෑයන්ට එවීමට පවත්නා ගැටලුකාරී තත්ත්වයන් නිසාවෙන් තවදුරටත් පීඩනයට පත්වෙයි. ධනේශ්වර අර්ථ ක්‍රමයක් පවත්නා අරාබිකරය තුළ ඇය යන්ත්‍රයක් මෙන් දවසේ වැඩි කාලයක් තම ශ්‍රම ශක්තිය වැය කරයි. නමුත් ඇයට මුළු ශ්‍රම ශක්තිය වෙනුවෙන් එහි වටිනාකම ලැබෙන්නේ ද යන ගැටලුව පවතී. සමහර සේවිකාවන්ගේ පළමු මාස තුනෙහි වැටුප හා කොපමණ සේවයක් කළත් ලබාදෙන වැටුපේ වෙනසක්ද නොමැත. වැඩ කිරීමට වන නියමිත කාල පරාසයක් නොවේ. මෙවන් තත්ත්වයන් තුළ ඇයගේ ශ්‍රමය දැඩි ලෙස සූරාකෑමට ලක්වන බව පෙනේ.
එමගින් ධනපතියා අතිරේකය ලබාගනී. ලාභ ලබයි. එනම් ශ්‍රමිකයෙක් ලබාගෙන දෛනිකව විශාල සේවයක් ලබාගනිමින් වැටුප් දුෂ්කරතාවයන්ට ලක් කිරීමෙන් සේවිකාවගේ ශ්‍රමය සූරාකෑමක් කරයි. කම්කරුවාට දිනක වැඩ සඳහා පඩි ගෙවන බව ඔහු කියයි. එහෙත් ඇත්ත වශයෙන්ම ඔහු ගෙවන්නේ දවසේ පැය කිහිපයක වැඩ සඳහා පමණි. ඉතිරි වැඩ නොගෙවූ ශ්‍රමය වේ.
මෙලෙස වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් හමුවේ දේශීය කාන්තාව පීඩාවට පත්වන අයුරු හඳුනාගත හැකිය.
විදෙස්ගත වූ කාන්තාවන් හට මානසික හා ලිංගික යන දෙඅංශයෙන්ම පීඩාවට ලක්වීමට සිදුවූ අවස්ථා හඳුනාගත හැකිය. මෙහිදී මානසික වශයෙන් පීඩාවන් හෝ වේදනාවන් ගෙනදෙන්නා වූ යම් ක්‍රියාවක් මානසිකමය හිංසනයකි. ගිවිසුම්ගත කාලය තුළ ගෘහසේවිකාවෝ විවිධ ආකාරයේ දෝෂාරෝපණයන්ට, හුදෙකලාභාවයට, සබඳතාවයන්හි පවත්නා දුර්වලතාවයන්ට හෙවත් තම රටේ යහළුවන් සමග හෝ සමාජ සබඳතාවයන් පැවැත්වීමට ඉඩ නොදීම දක්නට ලැබේ. මෙකී හිංසනකාරී තත්ත්වයන් තුළ සමස්තයක් ලෙස ගෘහසේවිකාවන් චිත්තවේගීය පීඩාවන්ට ලක්වේ. තවද හුදෙකලා භාවය ගෘහ සේවිකාවන් මුහුණ දෙන්නා වූ තවත් බරපතළ ප්‍රශ්නයකි. පිරිමි ශ්‍රම සංක්‍රමණයට වඩා කාන්තා ශ්‍රම සංක්‍රමණිකයන්ගෙන් සන්නිවේදනයේ පවත්නා දුර්වලතාවයන් පිළිබඳව පැමිණිලි ලැබේ. මීට ප්‍රධාන හේතුව ඔවුන්ගේ සේවාවන්හි ස්වභාවයයි. එනම් ගෘහසේවිකාවන් සේවය කරනුයේ නිවසක් තුළය. එහි කිසිවකු සමග කතා කිරීමේ, විශේෂයෙන් ලිපි හුවමාරුව සඳහා ඉඩ ප්‍රස්ථා ලබා නොදේ. ස්වාමි පාර්ශ්වය තම සේවිකාවට ලැබෙන්නා වූ ලිපි සැඟවීම හා සේවිකාව තම පවුලේ සාමාජිකයන් වෙත යැවීමට එනම් ස්වාමි පාර්ශ්වයට ලබාදෙන්නා වූ ලිපි විසිකිරීම හෝ තැපැල් නොකිරීම ආදිය කරනු ලැබේ. සේවිකාවට ලිපි යැවීම්, ලැබීම් හා සම්බන්ධව ස්වාමි පාර්ශ්වය මත යැපීමට වන අතර ඇයට ඊට නිදහසක් නොවේ. ධනේශ්වර ආර්ථික රටාවක් තුළ මානසිකමය වශයෙන් ඇය පීඩාවට ලක් කිරීම හා හාම්පුතා හෝ ස්වාමි දුවගේ ක්‍රියාවන් නිසා ඇය පරාරෝපණයට ලක්වන ආකාරයත් මේ අනුව හඳුනාගත හැකිය. ලාංකේය කාන්තාවක් ලිංගිකමය වශයෙන් ද හිරිහැරයට ලක්වෙයි. ඒ අනුව ලිංගිකමය හිංසනයේ බරපතළම අවස්ථාව වනුයේ අනපේක්‍ෂිත ගැබ් ගැනීම්වලට ලක්වීමය. ආසියානු
ගෘහසේවිකාවන් පිළිබඳ කුවේටය කරන ලද අධ්‍යයනයකින් අධ්‍යනයට ලක්කළ කතුන් 60 දෙනාගෙන් 1/3 ඔවුන්ගේ හාම්පුතාගෙන් එම නිවස තුළම සිදුවූ දූෂණය හෝ ලිංගික අපචාරයන් වන බව පෙන්වා දී ඇත.
පර්යේෂණ ගැටලුව
මව විදෙස්ගත වීම නිසා පවුල් සංස්ථාවට සිදුවී ඇති බලපෑම පිළිබඳ අධ්‍යයනයන් සැලකිය යුතු ප්‍රමාණයක් සිදුවී ඇති බව හඳුනාගත හැකි විය. නමුත් ශ්‍රී ලංකාව පාදක කරගෙන ප්‍රමාණවත් පරිදි සමාජ විද්‍යාත්මක පර්යාවලෝකනයෙන් සිදුවී ඇති අධ්‍යයන ප්‍රමාණවත් නොවන බව හඳුනාගත හැකි විය. තවද වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පශ්චාත් කොවිඩ් වසංගත තත්ත්වය, ආර්ථික අස්ථාවරත්වය හමුවේ ඇතිවූ නව සමාජ ආර්ථික වටපිටාව තුළ පවුලේ මව විදේශගත වීම නිසා පවුල් සංස්ථාවට ඇති වූ බලපෑම, විශේෂයෙන්ම මවගෙන් ඉටුවිය යුතු භූමිකාව එක්වරම පවුලට අහිමිව යෑම පවුලේ සෙසු සාමාජිකයන්ට ඇති කරන බලපෑම ආදිය පිළිබඳ මෑත කාලීනව අධ්‍යයනයන් සිදුවී නොමැති බවද හඳුනාගත හැකි විය. ආශ්‍රිත කරුණු සඳහා නිදර්ශන ලබාදුන් අයට අපි කෘතඥතාව පුද කරමු.
කුඩුම්භයක් තුළ එක් පාර්ශ්වයක් විදේශගත වීම හේතුවෙන් දරුවන් නිසි පරිදි සමාජානුයෝජනය නොවීම, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු බිඳ වැටීම, වැඩිහිටියන්ගේ අවශ්‍යතා කෙරෙහි ඇති නැඹුරුව අඩුවීම සහ විශේෂයෙන්ම විදේශගත වී සිටින තැනැත්තා තැනැත්තියගේ සහකාරයා හෝ සහකාරියට ඇතිවන අයහපත් මානසික තත්ත්වයන් නිසාවෙන් නිර්මාණය වන තත්ත්වයන් සමාජ ගැටලුවකි. එම සමාජ ගැටලු අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණය තුළින් සිදුවී ඇති අතර ප්‍රතිපත්ති සම්පාදකයන්ට අවශ්‍ය තීරණ ගැනීම සඳහා ද මෙම පර්යේෂණය යොදාගත හැකිය. තවද මෙම ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් සමාජ විද්‍යාත්මක විශ්ලේෂණය තුළ ඇතිවී තිබෙන දැනුමේ හිඩැස සම්පූර්ණ කිරීමට දායකත්වයක් ලබාදිය හැකිවීම මෙම පර්යේෂණයේ ඇති න්‍යායාත්මක වැදගත්කමක් වශයෙන් සැලකිය හැකිය.
එච්. ජී. ඩබ්. අචිනි ඉසාරා සෙව්වන්දි / අයි. එම්. අමා හන්සනි කෞෂල්‍යා (දිවයින)