
ලෝක පාස්පෝර්ට් දර්ශකය 2025 අවුරුද්දට එළි දැක්වුණා. ලෝක පාස්පෝර්ට් දර්ශකය හැදෙන්නෙ ස්ව Passport එකෙන් ලෝකයේ කොපමණ රවවල් ප්‍රමාණයකට පූර්ව වීසා බලපත්‍රයක් නොමැතිව ඇතුල් විය හැකිද යන නිර්ණායකය මත පදනම්ව පමණයි. එසේ නොමැතිව රටේ ප්‍රමාණය, ආර්ථික හැකියාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ හොඳකම වැනි ඉහළ ගුණාතමක සාධක ඍජුව ඊට බලපාන්නේ නැහැ. නමුත් තමුන්ගේ රටේ Passport එක අරං කොපමණ රටවල් ගණනකට වීසා නැතුව යන්න පුළුවන් ද කියන එක නිර්ණය වෙන්න ඒවා ඉතා වැදගත් සාධක වනවා. මේ දත්ත ඉදිරිපත් කරන්නේ හෙන්ලී දර්ශක ආයතනයයි. වීසා නැතුව යන්න පුළුවන් කියන කාරණාවත් ප්‍රධාන කොටස් තුනක් යටතේ වර්ග කෙරෙනවා. පළමුවැන්න වීසා බලපත්‍රයක් නැතිව රටකට ඇතුළුවීම හෙවත් free visa , දෙවැන්න අදාළ රටේ ගුවන් තොටුපලකදී නිකුත් කරන On Arrival වර්ගයේ වීසා සහ තුන් වැන්න මේවනවිට ලෝකයේ බොහෝ රටවල් විසින් හඳුන්වාදෙමින් ඇති eTA හෙවත් Electronic Travel Authorization ලෙසින් දක්වා තිබෙන කිසියම් රටකට ගොඩබැසීමට පෙර තමන්ගේ පාස්පෝර්ට් විස්තර සහ ගමනේ සියළු විස්තර ඇතුළත්කොට online ක්‍රමයට ගතයුතු පූර්ව වීසා පහසුකම් ක්‍රමය යි.
තවදුරටත් අංක එකේ ඉන්නේ සිංගප්පූරුව යි. සිංගප්පූරු Passport එකෙන් ලෝකයේ රටවල් 195කට වීසා නැතුව ඇතුළු වෙන්න පුළුවන් වනවා. දෙවැනි තැන ජපානයට හිමි අතර ජපනුන්ට ලෝකයේ රටවල් 193කට වීසා නැතුව සංචාරය කළ හැකියි. තුන්වන ස්ථානයේ රටවල් හයක් සිටිනවා. ඒ ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, දකුණු කොරියාව සහ ස්පාඤ්ඤය යි.
මේ ලයිස්තුවෙ 5 වැනි ස්ථානයේ ඇමරිකාවත් 7වැනි ස්ථානයේ කැනඩාවත් සිටිනවා.
මේ ලයිස්තුවෙ දොළොස්වැනි තැන සිටින්නේ මැලේසියාව යි. මැලේසියානු පාස්පොර්ට් හිමියන්ට ලොවපුරා රටවල් 183 කට වීසා නොමැතිව සංචාරය කළ හැකියි.
2025 ශ්‍රේණිගත කිරීම් අනුව චීනය ඉන්නේ 60 වන ස්ථානයේ වන අතර චීන ජාතිකයන්ට වීසා නොමැතිව ඇතුල්විය හැක්කේ රටවල් 85කට පමණයි. 61 වන ස්ථානය තායිලන්තයට හිමි අතර තායි වැසියන්ට රටවල් 82කට වීසා අවශ්‍යවන්නේ නැහැ. ඉන්දියාව මේ ලයිස්තුවේ 85 වන ස්ථානයේ සිටින අතර වීසා රහිතව ඉන්දියානුවන්ට ගොඩබැසීමට අවසර ඇත්තේ ලොවපුරා රටවල් 57කට පමණයි.
මේ ලයිස්තුවේ ශ්‍රී ලංකාව සිටින්නේ 96 වැනි ස්ථානයේ යි. අපට වීසා නොමැතිව යා හැක්කේ රටවල් 44 කටයි. මේ ලයිස්තුවේ ස්ථාන 106 ක් තිබෙනවා. ( එසේ වන්නේ 3වැනි ස්ථාන හයක්. 15වැනි ස්ථාන 4ක් ආදී වශයෙන්). 106 වැනි තැනට ඇෆ්ගනිස්තානයට පත්ව ඇති අතර ඔවුන්ගේ passport එකට රටවල් 26කට වීසා නොමැතිව යා හැකියි. 96 වැනි ස්ථානයේ සිට පහළට ඇති අනෙක් රටවල් වන්නේ පිළිවෙලින් සුඩානය, එරිත්‍රියාව, උතුරු කොරියාව, බංග්ලාදේශය, ලිබියාව, පලස්තීනය, නේපාලය, සෝමාලියාව, පාකිස්තානය, යේමනය, ඉරාකය, සිරියාව, ඇෆ්ගනිස්ථානය වනවා.
ශ්‍රි ලාංකිකයන්ට වීසා නොමැතිව ඇතුල්විය හැකි රටවල් 44 වර්ගීකරණය කළහොත් පූර්ණ වශයෙන්ම වීසාවක් නොමැතිව භූමිය තුලට පිවිසිය හැකි රටවල් 21ක් ද ගොඩබැසීමෙන් පසුව ලැබෙන On Arrival වීසා ලැබෙන රටවල් 21ක් ද ගොඩබැසීමට පෙර ඔන් ලයින් ක්‍රමයට වීසා (eTA – Electronic Travel Authorization) ලබා ගතයුතු රටවල් දෙකක්ද එම ලයිස්තුවේ 44ට ඇතුළත්.
වීසා නොමැතිව ශ්‍රී ලාංකිකයන්ට අතුළු වියහැකි රටවල් 21 වන්නේ
සිංගප්පූරුව
තායිලන්තය
වෙනිසියුලාව
රුවන්ඩාව
ඩොමිනිකන් දුපත
ගැම්බියාව
ග්‍රෙනාඩා
හයිටි
කිරිබාති
ලෙසෝතෝ
මලාවි
මයික්‍රොනීසියාව
මොන්ට්සෙරාට්
කුක් දූපත්
ශාන්ත කිට්ස් සහ නෙවිස්
බහමාස්
ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස්
ටජිකිස්තානය
බාබඩෝස්
වනුවාටු
බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්
On Arrival වීසා ලැබෙන රටවල් 21ක් වන්නේ
බොලිවියාව
බුරුන්ඩි
කාම්බෝජය
කේප් වර්ඩ්
කොමරෝස්
ජිබුටි
ගිනි-බිසවු
ලාඕසය
මැඩගස්කරය
මාලදිවයින
මොරිටේනියාව
මොරිෂස්
නේපාලය
නියු
පලාවු
සැමෝවා
සීෂෙල්ස්
සියරා ලියොන්
ටැන්සානියාව
ටිමෝරය
ටුවාල
ඔන් ලයින් වීසා (eTA – Electronic Travel Authorization) යටතේ ඇතුළුවිය හැකි රටවල්
කෙන්යාව
පකිස්ථානය
සටහන – උදිතමාල් හේමචන්ද්‍ර
(aithiya.lk)