විදේශයේ සිට පැමිණි ලාංකිකයින් 30කට කොරෝනා

විදේශයේ සිට පැමිණි ලාංකිකයින් 30කට කොරෝනා

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් ඊයේ (28දා) නිකුත් කළ තොරතුරු අනුව ඊයේ (28දා) උදෑසන වන විට ශ්‍රී  ලංකාව තුළින් කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 772 දෙනකු හඳුනාගෙන ඇති අතර ඉන් 30 දෙනකු විදේශගතව සිට මෙරටට පැමිණි අය  වන බව හඳුනාගෙන තිබේ.

හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. එම ගණන 189කි. ඊට අමතරව ගම්පහින් 178ක්ද, කළුතරින් 93ක්ද වාර්තා වේ. 

ඊයේ (28දා) උදෑසන වන විට ශ්‍රී  ලංකාව තුළ කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ සම්පූර්ණ ආසාදිතයන් සංඛ්‍යාව 60,693ක් වන අතර ඉන් 52,565ක් පූර්ණ සුවය ලබා ඇත.
 
ශ්‍රී  ලංකාව තුළින් කොවිඩ් 19 වයිරසය ආසාදනය වී තවත් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති අතර ඔවුන් ගෝනපොළ සහ කොළඹ 15 ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයන් වේ.