මැදපෙරදිග ලාංකිකයින් 3000කට කොරෝනා බව තහවුරු වෙයි

මැදපෙරදිග ලාංකිකයින් 3000කට කොරෝනා බව තහවුරු වෙයි

මැද පෙරදිග රටවල් දාහතරක සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් තුන්දහසකට අධික පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ඒ රටවලදී ශ්‍රී ලාංකිකයන් හැත්තෑවකට වැඩි පිරිසක් මේ වන විට මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස වාර්තා වූ තිබෙන තොරතුරු ඒ ඒ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හා කොන්සියුලර් කාර්යාල මඟින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නිල වශයෙන් ලැබී තිබෙන බවත් සඳහන්.

විශේෂයෙන් මේවනවිට කොරෝනා වසගතය හේතුව්න් මෙරටට පැමිණීමට නොහැකිව ශ්‍රී ලාංකිකයන් හතළිස් පන්දහසකට අධික පිරිසක් ඒ ඒ රටවල අසරණවී තිබෙන අතර ඔවුන්ගේ රැකියා කොන්ත්‍රාත් කාලසීමාව නිමාකර මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් ඔවුන් පසුවෙන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශ ආරචි මාර්ග ප්‍රකාශ කළේය.

එමෙන්ම ඒ රටවලදී කොරෝනා ආසාදිතව සිටි තවත් දෙදහස් හත්සියයක පමණ පිරිසක් මේ වන විට සුවය ලබා ඇතැයිද වාර්තාවල සඳහන්.

වැඩබිම