ඕස්ට්‍රේලියාවට පනින්න ගිය 38 දෙනෙක් මාට්ටු

ඕස්ට්‍රේලියාවට පනින්න ගිය 38 දෙනෙක් මාට්ටු
නීතිවිරෝධී අයුරින් බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටි 38 දෙනකු ගැඹුරු  මුහුදේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 
 
මීගමුව ප්‍රදේශයෙන් පිටත්ව ගැඹුරු මුහුදේ දීන හයකට පෙර බෝට්ටුව කාර්මික දෝෂයට  ලක්වී ඇති අතර ඒ වන විට පානම මුහුදු සීමාවේ සිට මුහුදු සැතපුම් එකයි 1.7 ක දුරකින් සිටියදී නාවික හමුදා  අත්අඩංගුවට  ගන්නා ලද මෙම පිරිස හලාවත උඩප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් 38 දෙනා අතර පිරිමි විස්සක්, ගැහැණු පහක්,  ළමයන් හත් දෙනෙකු , සහ රියදුරන් හය දෙනකු සිටින බව නාවික හමුදාව කියයි.
 
 එම පිරිස පානම පොලිසිය වෙත බාර දීමෙන් අනතුරුව අද දින පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.