කුවේටයේ පීඩා විඳි 48ක් යළි පැමිණෙයි

කුවේටයේ පීඩා විඳි 48ක් යළි පැමිණෙයි
කුවේටයේ රැකියා සඳහා ගොස් විවිධ පීඩාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයන් 48 දෙනෙකු ඊයේ (22) යළි දිවයිනට පැමිණ තිබේ.
 
ඊයේ (22) උදෑසන යූ. එල් - 230 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ඔවුන් මෙරටට ළඟා වූ බව කටුනායක ගුවන්තොටුපළ වාර්තාකරු පවසයි.
 
 
කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් මෙම පිරිස යළි දිවයිනට එවා තිබුණු බව හෙතෙම කියා සිටියි.
 

ශ්‍රී ලංකාවට යළි පැමිණි මෙම පිරිස අතර කාන්තාවන් 38 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දස දෙනෙකු ඇතුළත් වන බව වැඩිදුරටත් වාර්තා වේ.