විශේෂ අවශ්‍යතා සහිත ලාංකිකයින් 50ක් සෞදියෙන් මව්බිමට

විශේෂ අවශ්‍යතා සහිත ලාංකිකයින් 50ක් සෞදියෙන් මව්බිමට
කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ රැඳී සිටි ලාංකිකයින් 50 දෙනෙකු ඊයේ (14) දිනයේ දිවයිනට පැමිණි බව සෞදි ලක් තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.
 
එලෙස පැමිණි පිරිස අතරින් බහුතායක් දෙනා පිළිකා රෝගීන්, විවිද රෝග සඳහා සැත්කම් සිදු කිරීමට නියමිත අය, ආබාධ සහිත අය ඇතුළු විවිද රෝගාබාදයන්ට ලක්වූ පිරිසක් වන බවයි සෞදි ලක් තානාපති කාර්යාලය ප්‍රකාශ කරන්නේ.
 
සෞදියේ වැඩබලන ශ්‍රී  ලංකා තානාපති මධුක වික්‍රමාරච්චි මහතා පෙන්වා දෙන්නේ මෙම පිරිස විශේෂයෙන් තෝරාගත් පිරිසක් වන බවත් ඊට අමතරව ඉකුත් 06 වෙනි දින සෞදියේ රැඳී සිටි තවත් ලාංකිකයින් 391ක පිරිසක් දිවයිනට පිටත්කර යැවූ බවයි.
 

තවද මේ මාසයේ ඉදිරි සති වලදී කුඩා කණිඩායම් ලෙසින් මෙවන් විශේෂ අවශ්‍යතා සහිත පිරිස් දිවයිනට යැවිමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.