විදේස් ශ්‍රමිකයින් බැංකු හරහා එවන මුදල්වලට ඔවුන්ව සේවක භාරකාර අරමුදලට (ETF) දායක කරගන්න - ජයශ්‍රී ප්‍රියලාල්

විදේස් ශ්‍රමිකයින් බැංකු හරහා එවන මුදල්වලට ඔවුන්ව සේවක භාරකාර අරමුදලට (ETF) දායක කරගන්න - ජයශ්‍රී ප්‍රියලාල්

=සිංගප්පුරුවේ ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින්ට සඳහා නිර්මාන ග්ලොබල් ෂිපං ආයතනය විසින් සංවිධානය කරන ලද සිංහල/දෙමළ අලුත් අවුරුදු උත්සවයේ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූ ජයශ්‍රී ප්‍රියලාල් මහතාගේ අදහස් දැක්වීම වන අතර, ඔහු යුනි ගෝලීය වෘත්තීය සමිති ජාලයේ ආසියා හා ශාන්තිකර කලාපයේ මූල්‍ය සහ වෘත්තීය කළමණාකාරුවන්ගේ සේවාවන් අංශයේ කලාපීය අධ්‍යක්ෂකවරයාද වන අතර, ඔහු ලිපි රචකයෙක් හා පර්යේෂකයකු ලෙසද කටයුතු කරනු ලබයි. මෙම අලුත් අවුරුදු උත්සවයට සිංගප්පූරුවේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශසිකලා ප්‍රේමවර්ධන මහත්මියද ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූ බව සඳහන් කරයි.

සංවිධායක මණ්ඩලය සහ මහා කොමසාරිස් කාර්යාලය මට ආරාධනා කලා.

මෙහි පැමිණ සිටන ඔබ සියළු දෙනාටම සාමය සතුට ඉතිරෙන නිරෝගීමත් සුභ අළුත් අවුරුද්දක් වේවා!

ඉන්ද ඉසෙයි කූට්ටත්තක්ක සේන්දු කොන්ඩ්‍ර තමිල් පේසුම් නන්බර්ගලේ, වනක්කම්! උන්ග එල්ලෝරුක්කුම් සිත්තර් පෙරනාල් පුත්තාන්ඩු නල් වාර්තන්ගල් කුඩුත්තු කොන්ඩ්‍ර ඉරක්කරෝම්.

ඒ අයුරින්ම පුරා මාසයක් උපවාස කර ඊයේ දින රාමදාන් උත්සවය සැමරූ අපගේ ඉස්ලාම් භක්තික මුස්ලිමානුන්ට ද සුභ රාමදාන් සුපැතුම් ගෙනඑන්නෙමු.

A grand welcome to the traditional Sri Lankan Sinhalese and Tamil New Year Celebration in Singapore “Niramana Wasanthaya”  Allow me to continue the opening remarks on behalf of the organizing committee in Sinhala.

මෙම උත්සව සභාවේ ප්‍රධාන ආරාධිත අපගේ මහාකොමසාරිස් තුමිය වන ගරු ශෂිකලා ප්‍රේමවර්ධන මැතිනිය ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ සියළු සංවිධාන කටයුතු වලට ස්වේචිචාවෙන් දායක වු හිත මිතුරනි, මෙම භූමියේ රොඳ බැඳ සිටින අපගේ ආදරණීය ශ්‍රී ලාංකේය සංක්‍රමික ශ්‍රමික සහෝදර සහෝදරියනි, ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා.සංවිධාන කමිටුව වෙනුවෙන් වචන කිහිපයක් ඔබ වෙත ගෙන ඒමට ඔබ සියළු දෙනාගෙන් අවසර පතන මා ජයශ්‍රී ප්‍රියලාල් සිංගප්පූරුවේ වෙසෙන නේවාසික ශ්‍රී ලාංකිකයෙක්.

පුරා වසර තුනක විරාමයකට පසු ඔබ සියළුදෙනා වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කරවීමට මූලික වුයේ වර්තමානයේ ශ්‍රී ලාංකේය ආර්ථිකය ගොඩනැඟීමට විශාල දායකත්වයක් සපයන විදේශගත ශ්‍රමිකයින් යම් ආකාරයකින් අගයීමට අවස්ථාවක් ලබාගනිමින් දිවයිනෙන් පිටත අවුරුදු සිරිය අත්විදගැනීමට සහ සියළු දෙනාටම එක්ව විනෝදවීමට පරිසරයක් නිරමානය කරවීමයි.

මේ සදහා බරපැන දරමින් මූලික අනුග්‍රහය දක්වන නිර්මාණ ග්ලෝබල් ෂිපින් ආයතනයේ අධිපති තුමා වන සම්පත් ආතාවුද මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ කෘතවේදීත්වය පලමුව හිමිවේ. ඒ සමඟම අප සියළුදෙනාවම විනෝදාස්වාදය ගිල්වීමට සිංහ දේශයේ සිට සිංහ පුරයට සපැමිණි ඕරා සංගීත කණ්ඩායම සහ රන්ජන්, කසුන්, කුෂාණි ඇතුළු සියළුම ශිල්පීන් අපගේ ගෞරව ආදරය සහිත සහෝදරාත්මක උණුසුම් පිලිගැනීම පිරි නමන්නෙමු.=

ලේ වැගිරීම් ඇතුළු විවිධ අරගල සහ ගැටුම් නිතර ජනමාධ්‍ය වර්තා කලද, කඳුළු සහ දහඩිය හෙලා දැඩි වෙහෙසක් දරමින් රටට විදේශ විණිමය උපයන ඔබ සියළු දෙනාගේ ජීවන අරගල ජනමාධ්‍ය ඔස්සේ වර්තා නොවන්නේ කඳුළු සහ දහඩිය අවර්ණ නිසා විය හැක. නමුත් අද මේ උත්සවය අප සංවිධානය කලේ ඔබ සියළුම දෙනා කරන ඒ උදාර කාර්ය මුලින්ම අගැයීමට ලක් කරවීමටයි. ඔබ සියළු දෙනා ඇතුළු සෙසු විදේස්ගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඇ ඩොලර් බිලියන 7 ක විනිමය ප්‍රමාණයක් ප්‍රේෂණය කරයි. අප රටේප්‍රධානතම අපණයනය වන තේ කර්මාන්තය උපයනුයේ වාර්ෂිකව ඇ ඩො බිලියන එකක් පමණි. ඔබ සියළුදෙනා කරන එම විශාල දායකත්වයට සුදුසු ප්‍රතිලාබ කිසිවක් රජයන්ගෙන් නොලැබීම ගැන කනගාටු වෙමු.

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් හඬක් නඟන රන්ජන් රාමනායක වැනි හිටපු දේශපාලනඥයින්ට අප මතක් කරනුයේ මෙම සංක්‍රමික ශ්‍රම බලකාය ශ්‍රී ලාංකේය බැංකු පද්ධතිය හරහා ප්‍රේෂණය කරන විනිමය ප්‍රමාණයට සරිලන මුදලක් සේවක භාරකාර අරමුදලට Employees Trust Fund (3% ETF) බැරකිරීමට විදේශ සේවා කාර්යාංශයට යෝජනා කලයුතු වගයි. ජාතික අයවැයට අමතර බලපෑමක් නොවන අයුරින් මෙය කලහැකි බව අප විශ්වාස කරමු. දෙවනුව ඒ ඔස්සේ වෙනත් ප්‍රතිලාභ ඔබ සියළු දෙනාවෙත ලබාගතහැකි අරමුදලක් ගොඩනාඟා ගැනීමට යම් බාරකාර මණ්ඩලයක් යටතේ කලමණාකරනය විය යුතු බව මුලින්ම යෝජනා කරසිටිමු.

මෙවැනි නව අදහස් සහිත වැඩ පිලිවෙලවල් දියත් කල හැකි ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් වර්තමානයේ නොමැති බව අප හොදාකාරව දනිමු. මන්ද යකඩ මල්ලටම ගුල්ලො විද ඇති මුළු ලෝකයාටම අප පෙන්වා දී ඇත්තෙමු, එහෙයින් හාල් මළු ගැන විමසීමට අවශ්‍ය නොවේ, එහෙත්  ඒ සඳහා හඩක් නැගීමට අප සුදානම් බව ප්‍රකාෂ කර සිටින්නෙමු.

ශ්‍රී ලංකාවේ ඇති සම්පත් ප්‍රමාණය සහ ශ්‍රම බලකාය අප රට දියුණු කරවීමට හොදටම ප්‍රමාණවත්ය. ඒ සඳහා නිවැරදි දැක්මක් සහිත නායකත්වයක් නොමැති වීම අප මුහුණ දෙන ප්‍රධාන අභියෝගයයි.

සිංගප්පූරුවේ අපූරුත්වය ගැන සඳහනක් කලොත්, 1972 සිංගප්පුරුවේ වරාය නවීණ බහාළුම් ගබඩාංගණයක් බවට සංවර්ධනය කිරීමේ සැළසුමට ලෝක බැංකුවේ හෝ ආසියානු සංවර්ධන බැංකුවේ අනුමැතිය හෝ අරමුදල් ලැබුනේ නැත. අද සිංගප්පූරුවේ වරාය දෙවැනි වන්නේ චීනයේ ෂැංග්හයි වරායට පමණි. මෙම රට දියුණුවීමේ රහස නිවැරදි නායකත්වය සහ කැපවීමයි.

එමනිසා අප හමුවේ ඇති කාර්යභාරයන් දැඩි කැපවීමකින් කිරීමට වගබලා ගනිමු. මෙම අවස්ථාවට සහ මෙම පරිශ්‍රයේ සිංගප්පූරුවේ සංක්‍රමික ශ්‍රමිකයින්ට පහසු කම් සපයන උපකාර වෙන ආයතන කිහිපයක් අප හා අත්වැල් බැදගෙන කටයුතු කර අතර, ඔවුනටද ස්තුතියි පිරණමන අතර ඒ අය හා සම්බන්ධ වන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිමු.

නිර්මාණ වසන්තයට සපැමිණි ඔබ සැමට උපරිම වින්දනයක් ලබාදීමට අපගේ ආදරණිය සංගීත ශිල්පීන්ට අවස්තාව සපයමින්, මළ ඊයේ ගැන නොතැවෙන්න කුමකට හෙට ගැන සිතන්නේ, මේ මොහොතේ ජීවත්වන්න, විනෝදවන්න. සිතේ තිබෙන සංතෝෂය සියළු දෙනා අතර බෙදාගන්න.

අසාසිටි ඔබ සැමට හා මෙම උත්සවය සංවිධානය කිරීමට නන් අයුරින් සහයෝගය දුන් සියළු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මා නිහඬ වෙමි.