විදෙස් දූත මණ්ඩල සේවාවේ ඥාති සංග්‍රහයට වඩා තිත තැබිය යුතු බව සංක්රමණිකයින්ගේ හඬ ජාලයේ (Voice of Migrant-VoM) සාමාජික සංවිධානයක් වන “සවිය සංවර්ධන පදනම” නියෝජනය කළ ක්ෂේත්‍ර නිලධාරිණී බේනුකා වතුගෙදර මහත්මිය අදහස් දක්වමින් පවසා සිටියේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ය.
එහිදි ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, විදේශගත ශ්‍රමිකයින්ට තමන්ගේ ගැටලු පිළිබඳ කතා කතා කිරීමට පවත්නා තානාපති කාර්යාල, කොනසල් ජනරල් කාර්යාල වලට සුදුසුකම් ලත් කාර්යමණ්ඩල වලට වඩා ඥාති හිතමිත්‍රදීන් පත්කර ඇති බවත්, මේ නිසා දූත මණ්ඩල සේවාව හෑල්ලුවට ලක්වෙන බවත්, පෙන්වා දුන්නාය.
ඇමතිවරුන්ගේ දූලා පුතාලා, ඥාතීන් කටයුතු කරනු ලබන්නේ ඔවුන්ගේ වරප්‍රසාද සඳහා පමණක් බවත්, සමහර රටවල තානාපති කාර්යාල විවෘතව පවතින්නේ දවල් 12 වෙනතුරු පමණක් බවත්, ශ්‍රමිකයින්ට සේවා ස්ථානවල නිවාඩු ලබා ගැනීමේ ගැටලු පවතින නිසා වරුවක්වත් වැඩ කරලා ඇවිත් තමන්ගෙ ප්‍රශ්න කියලා සේවය ලබාගැනීමට මේ නිසා හැකියාව අවමවන බවත් ඇය අවධාරණය කළාය.
කෙන්යාවෙ නයිරෝබී නුවර සිටින ශ්‍රී ලංකා තානාපති වේළුපිල්ලේ කනනායගම් බවත්, උගන්ඩාවේ සිට මහින්ද රාජපක්ෂ මහතාට තිරුපති වන්දනාවෙ යන්න ජෙට් යානාවක් එව්වේ ඔහු බවත්, එවැනි වරප්‍රසාද මත සිදුවන ගනුදෙනු මිසක් නිසි තානාපති සේවයක් සිදුව නොමැති බවත් ඇය සඳහන් කළාය.
තවමත් වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති වන්නේ 'මහින්ද සමරසිංහ' බවත්, ඔහු 'හිටපු ඇමැතිවරයෙකු' වන බවත්, එහි තුන්වන නිලධාරියා වන්නේ 'තාරක දිසානායක' නමැති හිටපු ඇමති 'එස්.බී දිසානායක'ගේ පුත්‍රයා බවත්, වතුගෙදර මිය අනාවරණය කළාය.
තවද එහි ලිපිකාරිණියක ලෙස කටයුතු කරන 'ඉන්දීවරී කුලරත්න’ යනු හිටපු ඇමති 'සුසිල් ප්‍රේම්ජයන්ත්'ගේ දියණිය බවත්, ඇයට පෙර එම කටයුතුවල නිරතව ඇත්තේ හිටපු ඇමති 'බන්දුල ගුණවර්ධන'ගේ පුත්‍රයා වූ 'විපුල ගුණවර්ධන' නමැත්තෙකු බවත් ඇය සිහිපත් කළාය.
ඇමරිකාවේම ලොස් ඇන්ජලීස් නුවර කොන්සල්ජනරාල්වරයා වන්නේ 'වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස' බවත්, ඔහු හිටපු ජනාධිපතිවරුන් වන 'මහින්ද රාජපක්ෂ'ගේ සහ 'ගෝඨාභය රාජපක්ෂ'ගේ 'මස්සිනා' වන බවත්, එනම් ඔවුන්ගේ 'සහෝදරියගේ ස්වාමිපුරුෂයා' බවත්, ඇය පෙන්වා දුන්නාය.
මේ ආකාරයේ දිගු ලැයිස්තුවක් පවතින බවත්, මෙම දේශපාලන ඥාති සංග්‍රහය හෝ හිතවතුන්ට වරප්‍රසාද ලබා ගැනීමට අවස්ථා ලබාදීම වෙනුවට සුදුස්සන්ට සුදුසු තැන් ලබාදී දූත මණ්ඩල සේවාව සුද්ද කිරීමේ කඩිනම් අවශ්‍යතාවක් පවතින බව වතුගෙදර මිය වැඩිදුරටත් කියා සිටියාය.
මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වුණු ‘සංක්රමණිකයින්ගේ හඬ ජාලයේ’ සාමාජික සංවිධානයක් වන තිස්ස ජයා පදනමේ සභාපති ප්‍රේමබන්දු ජයතිලක මහතා අදහස් දක්වමින් කියා සිටියේ විදේශගත සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මීට වඩා අවධානය යොමුකළ යුතු බවයි.
පහුගිය කාලෙ රමණී ජයකොඩි නමැති කඩවත පදිංචි කාන්තාවක් ඊශ්‍රායලයේදී මිය ගිය බවත්, ඇයගේ මළ සිරුර සිංහ කොඩිය දාලා ගෙනා නමුත් ඒ් අය ගැන එතැනින් එහාට හොයල බලන්නට කිසිවෙක් නොමැත බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ අයුරින් විදේශගත වී එහි තත්ත්වයන් නිසා අසරණ වන පවුල්වල සුබසාධනය සඳහා කුමන හෝ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතු බවත්, දැනට ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට 7500ක පමණ ලාංකිකයින් පිරිසක් විදේශ රටවල පවත්නා යුද ගැටුම් නිසා යම් යම් පීඩාවන්ට ලක්වෙලා තියෙන බවත්, ඒ් අය ගැන වහාම මැදිහත්වී ක්‍රියා කළ යුතුව ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.
පසුගිය ආණ්ඩුවල රාජ්‍ය තාන්ත්රිතභාවයෙන් අවුල් සහගත තතු නිසා මෙවැනි නොසැලකිලිමත්කම් සිද්ධවුණු බවත්, නව රජය යටතේ ඒවැනි දේ සිදුනොවිය යුතු බවත් ජයතිලක මහතා පෙන්වා දුන්නේය.
සංක්රමණිකයින්ගේ හඬ ජාලය යනු වෘත්තීය සමිති ඇතුළු සංවිධාන 39න් යුතු, සාමාජික සංඛ්‍යාව 6000ට ආසන්න, දිස්ත්‍රීක්ක 20ක් පුරා විහිදුණු සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානය වූ පුළුල් ජාලයකි.