UAE යන්න ඉන්නවා නම් මේ දැනුවත් කිරීම ඔබටයි

UAE යන්න ඉන්නවා නම් මේ දැනුවත් කිරීම ඔබටයි

ලංකාව ඇතුළු රටවල් කිහිපයක ගුවන් මගීන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍ය පනවා තිබූ සංචාරක සීමා ඉවත් කිරීමට එරට තීරණය කර ඇතිබව වාර්තා වේ.

එම තීරණයට අනුව අද (05) සිට මෙරට සංචාරකයින්ට එක්සත් අරාබි එමීරයට ඇතුළුවීමට අවස්ථාව හිමිවෙන අතර එහිදී ගුවන් මගීන් සපුරාලිය යුතු සුදුසුකම් කිහිපයක්ද නිවේදනය කර තිබේ.

ඉන්දියාව,පකිස්ථානය,නේපාලය,ශ්‍රී ලංකාව,උගන්ඩාව සහ නයිජීරියාව යන රටවල් වලට අදාළ තහනම පනවා තිබූ අතර පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් මීට සති දෙකකට පෙර UAE රාජ්‍යට ඇතුළු වීම වළක්වාලමින් මෙම සංචාරක තහනම පනවන ලදී.

මේ සියලුම රටවල්වල සංචාරකයින් එමීරයට ඇතුළු වීමේදී මාර්ගගත ක්‍රමය ඔස්සේ අයඳුම්කළ යුතු අතර අදාළ ගුවන් මගියා රටින් පිටවීමට පැය 48කට පෙර ලබා ගත් පී.සී.ආර් වාර්තාව ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.

මෙම තීරණය අද(05) සිට ක්‍රියාත්මක කරන බවයි එමීරයේ රාජ්‍ය බලධාරීන් නිවේදනය කර ඇත්තේ.

ඔබත් එක්සත් අරාබි එමීරයේ රැකියා අපේක්ෂාවෙන් සිටි අයෙක් නම් මේ ආරචිය වඩාත් සුබ වනු ඇත.