අබුඩාබියේ නගර දෙකට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාර නිසා UAE උණුසුම්

අබුඩාබියේ නගර දෙකට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාර නිසා UAE උණුසුම්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනගරයේ ස්ථාන දෙකක ට ප්‍රහාර දෙකක් සිදුව තිබේ.
 
එම ප්‍රහාර ඩ්‍රෝන මඟින් සිදුකර ඇති බවත්, මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවත් අබුඩාබි පොලීසිය පවසයි.
 
මියගිය පුද්ගලයින් අතර ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු සහ පාකිස්තාන ජාතිකයෙකු සිටින බව වාර්තා වේ.
 
යේමනයේ සිටින හව්ති කැරළිකරුවන් කණ්ඩායමක් විසින් එම ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
 
එක් ප්‍රහාරයක් අබුඩාබී ගුවන් තොටුපළේ ඉදිකිරීම් සිදුකෙරෙමින් පවතින ස්ථානයකට එල්ලව ඇත.
 
 Abhudabi
 
අනෙක් ප්‍රහාරය මුසෆ්ෆා කාර්මික නගරයේ තෙල් බෙදාහැරීම් සිදුකරන ආයතනයක් අසලට එල්ලව තිබේ.
 
එහි තිබු ඉන්ධන ප්‍රවාහන රථ 3ක් ගිනිගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
 
මෙම ප්‍රහාරයේ වගකීම භාරගත් හව්ති කැරළිකරුවන් විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යන්තර යුද මෙහෙයුමක් දියත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් ඉදිරියේ දී ප්‍රකාශ කරන බව පවසයා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
මේ අතර දැනට මෙම ප්‍රහාරයෙන් කිසිදු ලාංකිකයෙකුට හානියක් සිදුව‌ නොමැති බව එරට තානාපති කාර්යාලය පවසයි.